නව වෙළෙඳ ගනුදෙනු ඇති කර ගැනීමේ අරමුණින් ඉන්දීය ජනපති මන්මෝහන් සිං ඊයේ (28) මියන්මාරයට පැමිණ එරට නව සිවිල් රජයේ ජනපති ත්වෙන් ස්වෙන් හමුවී සාකච්ඡා පැවැත්වීය.
වසර 25 කට පසු ඉන්දීය අගමැතිවරයකු මියන්මාරයට පැමිණි පළමු අවස්ථාව ද මෙයයි.
අගමැති සිං, හරසරින් පිළි ගැනීමට මියන්මාර රජය කටයුතු කර තිබුණි. එම ගමනට අගමැති සිංගේ බිරිය ද එක් ව සිටියාය.
අගමැති සිං සහ ජනපති ත්වෙන් ස්වෙන් අතර හමුව පැවැත්වූයේ නයිපායිඬේව් අගනුවර පාර්ලිමේන්තුවේදීය. ඉන්දීය අගමැතිවරයා පිළිගැනීමට මැති ඇමැතිවරු බොහෝ දෙනෙක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
ඉන්දීය අගමැති සිං සහ මියන්මාර රජය අතර නව වෙළෙඳ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ද එම අවස්ථාවේ සිදුවූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
බලශක්ති අර්බුදයකට ද මුහුණ දී සිටින ඉන්දියාව, ඒ සම්බන්ධයෙන් ද මියන්මාරය සමඟ සබඳතා ඇති කර ගැනීමට තීරණය කළේ හමුදා පාලනය නිමාවී මියන්මාරයේ දේශපාලන පෙරැළියක් සිදුවී ඇති අවස්ථාවකදීය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය අගමැති සිං මියන්මාරයේ සංචාරයක
සන්ජු Tuesday, 29 May 2012 10:37 AM
ඉන්දීය ජනපති මන්මෝහන් සිං
හේමන්ත Tuesday, 29 May 2012 01:13 PM
මට පේන්නේ මෙතන පටලැවිල්ලක් වෙලා