ඉන්දුනීසියාවේ ‘ලයන් එයාර්’ ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයක්, පෙරේදා (14) එරට බාලි දුපතේ ගුවන්තොටුපොළට ගොඩ බෑමට යද්දී ගුවන් පතය මඟ හැරීමෙන් මූදට ලිස්සා ගියේය. 
බාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිහිටා ඇත්තේ මුහුදට ආසන්නයේය. මුහුදට ලිස්සා ගිය යානය දෙකඩ වූ නමුත් කිසිවකුට බරපතළ අනතුරක් සිදුනොවිණි. අනතුර වෙද්දී යානයේ මගීහු 100 දෙනෙක් සිටියහ. ජීවිතාරක්ෂක නිලධාරීහු වහා පැමිණ යානයේ සිටි පිරිස ගලවා ගත්හ.