සටන් විරාම ගිවිසුම සහ දේශසීමා උල්ලංගනය කරමින්, ඉන්දීය හමුදා සෙබළුන් කාශ්මීරයේ පාකිස්තානය පාලන ප‍්‍රදේශයට ඇතුළු වී පාකිස්තාන සෙබළකුත්, පාකිස්තාන හමුදා ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේදී ඉන්දීය හමුදා සෙබළුන් දෙදෙනකුත් ඝාතනය කිරීමේ සිදුවීම් මුල්කොට ගනිමින් දෙරට අතර හටගත් අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතී.
ඉන්දීය හමුදාපති බික්රම් සිං පෙරේදා (14) පැවැති මාධ්‍ය හමුවකදී කියා කියා සිටියේ පාකිස්තානයෙන් එල්ල වන තර්ජනවලට ප‍්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දීමට ඉන්දීය හමුදාව සූදානමින් සිටින බවය.
ඉන්දීය හමුදාපතිවරයාගේ එම ප‍්‍රකාශයත් සමඟ න්‍යෂ්ටික බලවතුන් වන පාකිස්තානය සහ ඉන්දියාව අතර යළිත් වරක් යුද්ධයක් හට ගනු ඇති බවත් දේශපාලන විචාරකයෝ බිය පළ කරති.