සටන් විරාම ගිවිසුම සහ දේශසීමා උල්ලංගනය කරමින්, ඉන්දීය හමුදා සෙබළුන් කාශ්මීරයේ පාකිස්තානය පාලන ප‍්‍රදේශයට ඇතුළු වී පාකිස්තාන සෙබළකුත්, පාකිස්තාන හමුදා ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේදී ඉන්දීය හමුදා සෙබළුන් දෙදෙනකුත් ඝාතනය කිරීමේ සිදුවීම් මුල්කොට ගනිමින් දෙරට අතර හටගත් අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතී.
ඉන්දීය හමුදාපති බික්රම් සිං පෙරේදා (14) පැවැති මාධ්‍ය හමුවකදී කියා කියා සිටියේ පාකිස්තානයෙන් එල්ල වන තර්ජනවලට ප‍්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දීමට ඉන්දීය හමුදාව සූදානමින් සිටින බවය.
ඉන්දීය හමුදාපතිවරයාගේ එම ප‍්‍රකාශයත් සමඟ න්‍යෂ්ටික බලවතුන් වන පාකිස්තානය සහ ඉන්දියාව අතර යළිත් වරක් යුද්ධයක් හට ගනු ඇති බවත් දේශපාලන විචාරකයෝ බිය පළ කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවත් පාකිස්ථානයට උදවු කළොත් ඉන්දියාවෙන් අපිට නොමිළයේ පරිප්පු ගන්න පුලුවන්. (නි)
ඒ වගේ දෙයකට ඉඩ තබන්න හොද නැහැ. (දී)
කොහේට ගැහුවත් කමක් නැහැ ලංකාවට නම් ගහන්න එපා. (නි)
අන්න එදාට තමයි ලෝක විනාශය... (නි)
ලංකාවට ආයි අමුතුවෙන් ගහන්න දෙයක් නැහැ. දුමටම ලංකාව ඉවරයි. (නි)
අන්න වෙලාව, මතකද ඉන්දියාව අපිට විරුද්ධව ඡන්දෙ දුන්න.පාකිස්ථානය හිටියෙ අපේ පැත්තෙ.කට්ටියට අලිමංකඩ සටන මතකද? (ස)
ඩොන් දන්න දේවල්? (නි)
කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ (දී)
ඩොන් කියන දේ හරි. (නි)
ඉන්දියාවට මගේ සහය (දී)
ඔය මොන ප්‍රශ්නේ ආවත් අපි බය නැහැ. හරිද? (නි)