IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඉන්දු - චීන ආරක්ෂක ඇමැති හමුවක්

ඉන්දියාවේ සංචාරය කරන චීන ආරක්ෂක ඇමැති ලියැං ගුඅන්ග්ලී ඊයේ (4) නවදිල්ලි නුවරදී ඉන්දීය ආරක්ෂක ඇමැති ඒ.කේ ඇන්තනි හමුවී දකුණු ආසියා කලාපයේ ආරක්ෂාව තරකර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. චීන ආරක්ෂක ඇමැතිවරයා ඉන්දියාවේ සංචාරය කරන්නේ සිවුදින ශ්‍රී ලංකා සංචාරයකින් ද පසුවය. ඇමැතිවරයා ප‍්‍රමුඛ විසිතුන් දෙනකුගෙන් සමන්විත ඔහුගේ දූත පිරිස නවදිල්ලියට පැමිණි අවස්ථාවේ ඔවුන් හරසරින් පිළි ගැනීමට ඉන්දීය රජය කටයුතු කර තිබුණි. චීන ආරක්ෂක ඇමැතිවරයකු ඉන්දියාවේ සංචාරය කරන්නේ වසර අටකට පසුවය. චීන දූත පිරිස බංග්ලාදේශය, මාලදිවයින යන රටවල ද සංචාරය කළ අතර කලාපීය ආරක්ෂාව තරකර ගැනීම සම්බන්ධයෙන් ඒ ඒ රටවල් සමඟ ද සාකච්ඡා පැවැත්වූහ. කලාපීය ආරක්ෂක කටයුතුවලට අමතරව ඉන්දු/චීන දේශසීමා අර්බුදය ගැන ද දෙරටේ ආරක්ෂක ප‍්‍රධානීන් අතර සාකච්ඡා පැවැත්විණි. ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයා හමුවීමෙන් පසු ඉන්දීය ති‍්‍රවිධ හමුදාපතිවරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද චීන ආරක්ෂක ඇමැතිවරයා ප‍්‍රමුඛ දූත පිරිස අමතක නොකළහ. එහිදී ඉන්දු/චීන නාවික යුද අභ්‍යාස පැවැත්වීමට ද දෙරටේ ආරක්ෂක ප‍්‍රධානීහු කැමැත්ත පළ කළහ. ඉන්දීය සංචාරයෙන් පසු චීන ආරක්ෂක ඇමැතිවරයා ප‍්‍රමුඛ දූත පිරිස පාකිස්තානය බලා යෑමට නියමිතය. දකුණු ආසියා කලාපයේ ආරක්ෂාව තර කර ගැනීමට චීනය බලාපොරොත්තු වන්නේ ඇමෙරිකාව කෙමෙන් කෙමන් ආසියාවට යොමු වීමට උත්සාහ ගන්නා නිසාය. කෙසේ නමුත් චීන රජය මීට දින කිහිපයකට පෙර පවසා තිබුණේ තම ආරක්ෂක ඇමැතිවරයාගේ ආසියා සංචාරයෙන් කිසිදු පාර්ශ්වයකට ‘තර්ජනයක්’ කිරීමට තමන් අපේක්ෂා නොකරන බවය. මේ වනවිට ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා ශක්තිමත් කර ගනිමින් ආසියාවට අයත් පැසිෆික් සාගර කලාපීය දූපත් රාජ්‍යවල සංචාරය කරන්නීය. ඇය චීනයට පැමිණීමට ද නියමිතය. ඇය ඊයේ ඉන්දුනීසියාවට පැමිණි අතර එරට ජනපති මන්දිරයේදී ජනපති සුසිලෝ යුදයෝනෝව් හමුවී සාකච්ඡා පැවැත්වූවාය.



අදහස් (0)

ඉන්දු - චීන ආරක්ෂක ඇමැති හමුවක්

අමිල කටුනායක Wednesday, 05 September 2012 01:39 PM

ඊලඟ බලවතා....(ස)

:       0       0

රිම්සි Thursday, 06 September 2012 09:48 AM

හැකි ඉක්මණින් මේක කළොත් හොදයි. (නි)

:       0       0

සිල්වා Thursday, 06 September 2012 03:01 AM

චීණය දිනේවා! අධිරාජ්‍යවාදයට කදිම පිළිතුරක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 707 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17892 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site