IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉන්දු කාශ්මීරයට දිගටම ඇඳිරි නීතිය


ඉන්දියාවේ පාලනයට නතු කාශ්මීර ප‍්‍රදේශයට පැනැවූ ඇඳිරි නීතිය දිගටම කි‍්‍රයාත්මක කිරීමට තමන්ට සිදුවී ඇතැයි ප‍්‍රාන්ත බලධාරීහු පවසති. 
ඉන්දු කාශ්මීරයට ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් පියවර ගත්තේ මීට සතියකට පෙර, ඉන්දීය රජය අෆ්තාල් ගුරු එල්ලා මරා දැමීමත් සමඟ හටගත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මැඬලීමටය.
2001 වසරේදී ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල කළ ප‍්‍රහාරයට සම්බන්ධ චෝදනා ලැබ ඊට වරදකරු වූ බෙදුම්වාදී සටන්කාමියකු වන අෆ්තාල් ගුරුගේ මරණ දඬුවම කි‍්‍රයාත්මක කෙරුණේ ඉකුත් 9 වැනිදාය.
මුස්ලිම් ජාතිකයකු වන ගුරු ඉන්දු කාශ්මීරයේ වැසියෙකි. ඉන්දීය පාර්ලිමේන්තුවට පහර දුන්නේ ලෂ්කාර් ඊ තයිබා සහ ජයිෂ් ඊ මොහොම්මද් නමැති බෙදුම්වාදී සටන්කාමී සංවිධානයයි. ගුරු ද එම සටන්කාමීන් සමඟ සම්බන්ධකම් පැවැත් වූ බව තහවුරු විය.
2004 වසරේ දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනාවලට වරදකරු වූ අෆ්තාල් ගුරු අට වසරක් මරණ දඬුවම නියමවූවන්ගේ ලැයිස්තුවේ සිටියේය. 
ගුරු එල්ලා මරා දැමීමත් සමඟ ඔහුගේ හිතවාදීහු ඔහු වීරයකු බව පවසමින් වීදි බැස ඉන්දීය මධ්‍යම රජයට එරෙහි විරෝධතා පෙළපාළි පවත්වන්න වූහ. විරෝධතාකරුවෝ අවස්ථා ගණනාවකදී පොලිසිය සහ හමුදාව සමඟ ගැටුම් ඇතිකර ගත්හ. ඇඳිරි නීතිය පැනැවීමට තීරණය කෙරුණේ ඒ අනුවය.



අදහස් (0)

ඉන්දු කාශ්මීරයට දිගටම ඇඳිරි නීතිය

සේන Monday, 18 February 2013 06:17 PM

අපි නම් හැමදාම පාකිස්ථානයට... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site