IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉදිරි මැතිවරණයේදී උප ජනපතිට විපක්ෂ නායකගෙන් අභියෝගයක්

ඉදිරි දින 30 ඇතුළත පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අභාවප‍්‍රාප්ත වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස්ගේ අනුප‍්‍රාප්තිකයා ලෙස ඉදිරිපත් වන උප ජනාධිපති නිකලස් මදුරෝට වෙනිසියුලානු විපක්ෂ නායක හෙන්රීකේ කැප්රිලේගෙන් අභියෝගයක් එල්ලවනු ඇතැයි එරට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඉකුත් ඔක්තෝබරයේ පැවැති ජනපතිවරණයේදී වාචේස්ගේ ප‍්‍රතිවාදියා වූයේ කැප්රිලේය. එම මැතිවරණයෙන් චාවේස් සියයට 54.42 ක ඡුන්ද ප‍්‍රතිශතයක් හිමිකරගත් අතර කැප්රිලේට හිමිකර ගැනීමට හැකිවූයේ සියයට 44.97 ක ඡුන්ද ප‍්‍රතිශතයකි. වෙනිසියුලාවේ බටහිර පළාත් කැප්රිලේට සහාය පළ කළ අතර ඇමෙරිකාවේ සහාය ද හිමිවූයේ ඔහුටය.
ඒ අනුව කැප්රිලේගෙන් මදුරෝට විශාල අභියෝගයක් එල්ල වනු ඇත. චාවේස්ගේ අඩිපාරේ ගියත්, චාවේස්ගේ දේශපාලන දර්ශනය අනුගමනය කළත්, ජනතාවාදී දේශපාලනඥයකු වුණත්, නිකලස් මදුරෝට තවත් ‘චාවේස්’ කෙනකු විය නොහැකි බව වෙනිසියුලානු දේශපාලන විචාරකයෝ වැඩිදුරටත් කියා සිටිති.
 චාවේස් අනුගමනය කළේ කියුබා නායක ෆිදෙල් කස්ත්‍රෝගෙන් සහ වෙනිසියුලාවේ හමුදා සහ දේශපාලන නායක සයිමන් බොලිවාගේ දර්ශනය බවත් චාවේස් විප්ලවකාරයකු බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මදුරෝ චාවේස් මෙන් කටකාරයකු නොවන බව ද ඔවුහු පවසති.
1962 වසරේ නොවැම්බර් 23 වැනිදා උපන් මදුරෝ බස් රථ රියැදුරෙකි. ඔහු දේශපාලනයට අවතීර්ණ වූයේ වෘත්තීය සමිති නායකයකු ලෙසය. චාවේස් ඉකුත් දෙසැම්බරයේ පිළිකා සැත්කමට භාජන වීමට කියුබාවේ හවානා නුවර බලා ගිය අවස්ථාවේදී ඔහු ඔහුගේ අනුප‍්‍රාප්තිකයා ලෙස මදුරෝ නම් කළේය. එපමණක් නොව ඔහුට බලය පැවැරීමක් ද කළේය.
1994 වසරේ සිට චාවේස් සමීපව ඇසුරු කළත්, මදුරෝ වෙනිසියුලාවේ දේශපාලන කරළියට පිවිසියේ 2006 වසරේදීය.
එවකට චාවේස්ගේ රජයේ විදේශ කටයුතු ඇමැති ධුරය හෙබවූයේ ඔහුය. ඔහු උප ජනපති ධුරයට පත්වුණේ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ 7 වැනිදා පැවැති මැතිවරණයෙනි.
නිකලස් මදුරෝ මොරෝස් උපන්නේ වෙනිසියුලාවේ කැරකස් නුවරදීය. ඒ, 1962 වසරේ නොවැම්බර් 23 වැනිදා ය. රජය පෙරැුළීමට ගත් අසාර්ථක හමුදා කුමන්ත‍්‍රණයකින් චාවේස් සිර දඬුවම් විද 1994 වසරේ සමාව ලැබ නිදහස් වූ අවස්ථාවේ සිට ඔහුගේ සමීපතමයකු වූයේ මදුරෝ ය. එනිසා ඔහුට චාවේස්ගේ ගෞරවයත් ආදරයත් හිමිවිය.
එම හමුදා කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී චාවේස් වෙනුවෙන් පෙනී සිටි සියේලා ෆ්ලොරේස් පසුව මදුරෝගේ බිරිඳ වූවාය. 1998 වසරේ පැවැති මැතිවරණයේදී චාවේස් වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් ඉටු කළ තැනැත්තා වූයේ ද මදුරෝය.



අදහස් (0)

ඉදිරි මැතිවරණයේදී උප ජනපතිට විපක්ෂ නායකගෙන් අභියෝගයක්

රනිල් Saturday, 09 March 2013 08:15 PM

මොනවා (දී)

:       0       0

සංජු Saturday, 09 March 2013 01:10 PM

ඔබට නිතරගයෙන්ම දිනන්න හැකි බව මටත් විශ්වාසයි. (ස)

:       0       0

සුබසිංහ Friday, 08 March 2013 05:38 PM

උප ජනාධිපතිතුමනි, ලංකාවෙන් ඔබට ඉගෙනගන්න බොහෝ දේ ඇත. (නි)

:       0       0

මාලක Friday, 08 March 2013 05:39 PM

ඔබට නිතරගයෙන්ම දිනන්න හැකි බව මට විශ්වාසයි. (නි)

:       0       0

පද්මා Friday, 08 March 2013 07:14 PM

ඔබට සදහටම බලයේ ඉන්න පුලුවන් විදියේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්න බලන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site