
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට ඉතාලි බලධාරීහු අද (4) තීරණය කළහ.
ඉතාලිය ද ඇතුළුව යුරෝපයේ රටවලින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට වේගයෙන් ඉහළ යමින් තිබෙන අතර යුරෝපයේ රටවල් රැසක් මේ වනවිට වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සීමා පනවා ඇත.
නව සීමා සමඟ ඉතාලි වැසියන්ට රාත්‍රී 10ත් පසුදා අලුයම 5ත් අතර කාලයේදී සිය නිවාසවලින් පිටවී යෑම තහනම් වන අතර ප්‍රංශය, බෙල්ජියම සහ ජර්මනිය යන රටවල් ද මේ වනවිට ඒ හා සමාන නීති පනවා ඇත.
නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල පාලනය කරගැනීමට නොහැකිව යුරෝපයේ රටවල් මේ වනවිට දැඩි අර්බුදයකට මුහුණ දී ඇත.
වයිරසය පැතිර යෑමට පටන් ගැනීමෙන් පසු රුසියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සහ වයිරස ආසාදිත මරණ ගණන බදාදා දිනයේදී වාර්තා විය.
මේ හේතුවෙන් වයිරසය පාලනය කිරීම සඳහා නැවත වරක් දැඩි සීමා ගන්නැයි රුසියානු ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල වී තිබේ. කෙසේ නමුත් ලොක්ඩවුන් සීමා පැනවීමේ අවශ්‍යතාවක් නැතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මීට පෙර දිනෙක පැවැසීය.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 17
40
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
878
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2510
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඉතාලියට නැවතත් ඇඳිරි නීතිය