ඉන්දියාවේ සිටින ඉතාලි තානාපති ඩැනියෙල් මැන්සීනි ඉන්දියාවේ රඳවා ගැනීමට ඉන්දීය රජයට නීතිමය බලතල නැතැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි.
ඉන්දීය රජය ඉතාලි තානාපති ඩැනියෙල් මැන්සීනිට නොතීසි නිකුත් කරමින් ඔහුට රටින් පිටවී යෑම තහනම් කළේ ඉකුත් සතියේය.
ඉන්දියාවත් ඊශ‍්‍රායලයත් අතර රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමින් අර්බුදයක් නිර්මාණය වූයේ මීට වසරකට පෙර සෝමාලි මුහුදු කොල්ලකරුවන් යැයි වරදවා වටහාගෙන ඉතාලි භාණ්ඩ ප‍්‍රවාහන නැවක සිටි ආරක්ෂක නිලධාරීන් කළ වෙඩි තැබීමෙන් ඉන්දියාවේ කේරළයේ ධීවරයන් දෙදෙනකු මියයෑමේ සිදුවීම නිසාය.
පසුගිය වසර අවසානයේ ඉතාලි තානාපති මැන්සේනීගේ මැදිහත් වීමෙන් මැසිමිලානෝ ලැටොර් සහ සැල්වටෝර් ගිලෝර් නමැති එම ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනාට මාසයක කාලයකට පමණක් යළි ඉතාලියට යෑමට අවසරක් හිමිවිය. ඒ, ඉතාලි මැතිවරණයේදී ඡුන්දය ප‍්‍රකාශ කිරීම සඳහාය.
එම නිලධාරීන් දෙදෙනා ඉතාලි ගියත් ඔවුහු ආපසු ඉන්දියාවට ඒම ප‍්‍රතික්ෂේප කළ බව ඉතාලි රජය ඉන්දියාවට පැවැසීය.
ඉතාලි රජය, ඔවුන්ගේ ඉන්දීය තානාපති හරහා ඉන්දීය රජයට දැනුම් දුන්නේ එම දෙදෙනා යළි ඉන්දියාවට නොපැමිණෙන බවය. ඉතාලි තානාපති ඩැනියෙල් මැන්සීනිට රටින් පිටවීම තහනම් කෙරුණේ ඉන්පසුවය.