ෆුල්වියා එතලේසෙ ඉතාලි ජාතික කාන්තාවකි. ඇය මාධ්‍යවේදීනියක්, ගුරුවරියක් මෙන්ම සිනමා අධ්‍යක්ෂකවරියකි. වසර ගණනාවක් පුරා සිනමාකරණය පිළිබඳව අධ්‍යයනයකළ ඈ ඉතාලි නිර්මාණවලට අමතරව ශ්‍රී ලාංකිකයන් සමඟද එකතුව ටෙලි නිර්මාණයන් කිරීමට අදහස් කළාය. ඇගේ එම ප‍්‍රයත්නය මල්පල දරමින් ‘‘මට ඒ විතරක් මදි” ටෙලි නා්‍යය ළඟදීම තිරගත වීමට නියමිතය. ‘‘මට ඒ විතරක් මදි’’ කථාවේ තේමාව වී ඇත්තේ මත්පැන් නිසා බිඳී යන පවුල් ජීවිතවල පිරිමියකුගෙන් කාන්තාවක් බලාපොරොත්තු වන ආදරය, ගරු කිරීම නොලැබී යාමේදී උද්ගත වන ප‍්‍රශ්න සහ හොඳ පියෙකුගේ වගකීම ගිලිහීමේදී පවුල තුල ජීවත්වන දරුවන්ගේ මානසික තත්ත්වය පිරිහීම නිසා වැඩිවන හිංසනය පිළිබඳවය. මෙම ටෙලි නාට්‍යය සඳහා දායක වී ඇත්තේ ඉතාලියේ සේවයේ නියුතු රඟපෑම සම්බන්ධව කිසිදු හැකියාවන් නැති පිරිසත් වුවත් ඔවුන්ගේ රඟපෑම් ඉතාමත් උසස්ය. ෆුල්වියා එතලේසෙ විසින් ඉතාලි බසින් රචිත තිර පිටපත් සිංහලට පරිවර්ථනය කරන ලද්දේ සහාය අධ්‍යක්ෂ මනෝජ් ලියනගේය. ඉදිරියේදී ඇය විසින් රචිත සත්‍ය කථාවක් ඇසුරින් The moon has two Faces නමින් තවත් ටෙලිනා්‍යයක් ඉතාලි ජාතීන් සහ ශ්‍රී ලාංකිකයන් එක්ව කිරීමට නියමිතය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉතාලි ජාතික කතකගෙන් සිංහල ටෙලි නාට්‍යයක්