
බටහිර ඇෆ්ගනිස්තානය කැලැඹූ භූමි කම්පාවෙන් 15 දෙනකු මියගිය බවත් 78 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ.
භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් ලෙසය. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ හේරත් නගරයේ සිට කිලෝ මීටර් 40 ක් දුරිනි.
ඇෆ්ගනිස්තානය භූ තැටි මායිමකට ඉහළින් පිහිටන බැවින්, භූමි කම්පා හට ගැනීම ස්වභාවිකය. නිවාස සහ ගොඩනැගිලි රැසක් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ප්‍රබල භූමි කම්පාවෙන් පසු අතුරු භූ කම්පන 3 ක් වාර්තා වූ බව ද පැවැසෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd