IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගනිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් 41ක් මරුට

නිරිතදිග ඇෆ්ගනිස්තානයේ නිම්රොස් පළාතේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් කිහිපදෙනකු පෙරේදා(14) එල්ල කළ ප‍්‍රහාරයකින් 41දෙනකු ජීවිතක්ෂයට පත්ව 130 දෙනකු තුවාල ලබා ඇතැයි ඇෆ්ගන් ආරක්ෂක අංශ සඳහන් කරයි. මෑතකාලීනව නිම්රොස් පළාතේ සරන්ජ් ප‍්‍රදේශයෙන් වාර්තා වූ දරුණුතම සිද්ධිය මෙය බව සඳහන් කරන එරට ආරක්ෂක අංශ කියා සිටියේ ප‍්‍රහාරය සඳහා ප‍්‍රදේශයට පැමිණි සටන්කාමීන් 11 දෙනා ස්ථාන කිහිපයකදී බෝම්බ ප‍්‍රහාර එල්ල කර ඇති බවයි. මෙම ප‍්‍රහාර එල්ල වූයේ මුස්ලිම් බැතිමතුන් රාමසාන් කාලය අවසන් කිරීමට සූදානමින් සිටින අවස්ථාවකදීය. මෙසේ පැමිණි බෝම්බකරුවන්ගෙන් දෙදෙනකු පෙරේදා රාති‍්‍රයේදී පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද බවත් බෝම්බ පුපුරුවා හැරීමට පෙර තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් නිම්රොස් පළාතේ පොලිස් ප‍්‍රධානී මුජිබුල්ලා ලටිෆි පැවැසීය. බෝම්බකරුවන් තිදෙනකු විසින් බෝම්බ පුපුරුවා හරින ලද බවත් එම ස්ථානයේම සිටි අනෙක් සටන්කාමීන් තිදෙනාට පොලිසිය විසින් වෙඩි තබන ලද බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ප‍්‍රහාරයෙන් මියගිය අය අතර සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන්  සිටින බව සරන්ජ් ප‍්‍රදේශයේ ආණ්ඩුකාරවරයා පැවැසීය. මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරවල වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් විසින් බාරගෙන නොමැති බව වාර්තා වේ. පසුගිය කාලයේ සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කරගෙන ඇෆ්ගනිස්තානය තුළ ප‍්‍රහාර දියත් කළේ තලෙයිබාන් සටන්කාමීන්ය. මේ වන විට තලෙයිබාන් සටන්කාමීන්ට එරෙහිව සටන් කිරීමට 130,000ක පමණ නේටෝ භට පිරිසක් ඇෆ්ගනිස්තානයේ රැුඳී සිටින අතර 2014 වසරේදී ඔවුන් රටෙන් ඉවත්වීමට නියමිතය.



අදහස් (0)

ඇෆ්ගනිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් 41ක් මරුට

මොහොමඩ් Thursday, 16 August 2012 07:56 PM

ඔව් ඔව් අපේ ලංකාව ලෝකෙ උතුම්ම රට.. 88, 89 මතක නැතිව ඇති..!(නු)

:       0       0

නාමල් Friday, 17 August 2012 04:16 PM

අනේ නිමල්, එහෙනම් ඔයා වද නොදී ඇෆ්ඝනිස්තානයට යන්නකෝ ඔයාගේ පවුලේ කට්ටියත් එක්ක. (නි)

:       0       0

නුවන් Thursday, 16 August 2012 02:57 PM

හොද පුවතක්.. අහන්න ආසයි..!!(නු)

:       0       0

ජනක Thursday, 16 August 2012 03:28 PM

මධූ ..ඔබ හරියටම හරි..ඔහොම යන් .. (ස)

:       0       0

ෂෙරීෆ් Thursday, 16 August 2012 04:01 PM

මේ කරන වැඩවලට ළගදීම දඩුවම් ලැබේවි. (නි)

:       0       0

හිමාෂ Thursday, 16 August 2012 04:16 PM

තලේබාන්වලත් අතීතයේ බෞද්ධයන් තමයි ඉදලා තියෙන්නෙ..!!(නු)

:       0       0

අකිල Friday, 17 August 2012 06:12 AM

ආගම් වාදියනෙ.... ඔට භේදෙ නවත්තපල්ලා... හැම දෙයක්ම මේ ආගම් දෙස බම නවත්තපල්ලා... අවුරුදු 30 යුද්ධ කාලේ ඔය භේදෙ නිසා... කවදද ඔහෙලා පාඩමක් ඉගෙන ගන්නෙ. (ස)

:       0       0

නිමල් Thursday, 16 August 2012 05:50 PM

ඒක තමයි අල්ලා දෙවියන්ගේ කැමැත්ත. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 16 August 2012 06:06 PM

ලෝකයේ තියෙන එපාම කරපු රට. කිසිම අනාගතයක් නැහැ. අල්ලා දෙවියන්ගේම පිහිටයි! (නි)

:       0       0

මධු Thursday, 16 August 2012 01:32 PM

කවදාවත්ම බර්මියන් ශාපයෙන් නම් ගැළවෙන්න ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 714 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17936 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 767 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site