IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇෆ්ගනිස්තානයේ ප‍්‍රාණ ඇපයේ සිටි විදෙස් සහන සේවකයෝ බේරා ගැනෙති

ඇෆ්ගන් සටන්කාමීන් විසින් පැහැර ගනු ලැබූ විදෙස් වෛද්‍යවරියන් දෙදෙනකු ඇතුළු සහන සේවකයන් පස් දෙනකු බේරා ගැනීමට ඇෆ්ගන් සහ ඇමෙරිකා හමුදා සෙබළු පෙරේදා (2) සමත් වූහ. වෛද්‍යවරියන් දෙදෙනා ස්විට්සර්ලන්ත ජාතිකයෝ දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාත් සෙසු සහන සේවකයෝ තිදෙනාත් ස්විට්සර්ලන්තයේ ආධාර ලැබෙන ඇෆ්ගන් සහන සේවා ආයතනයක සේවය කළ අය වෙති. සටන්කාමීන් එම පිරිස පැහැරගෙන ගොස් ඇත්තේ පසුගිය මාර්තු මාසයේදීය. එම අවස්ථාවේ ඔවුහු ගංවතුරින් විපතට පත් ගම් වැසියන්ට බෙහෙත් රැගෙන බඩක්ෂාන් පළාතට යමින් සිටියහ. ප‍්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට සටන්කාමීන් ඇෆ්ගන් රජයෙන් මුදල් ඉල්ලීමක් ද කර ඇත. සහන සේවකයන් බේරා ගැනීමට ඇෆ්ගන් සහ ඇමෙරිකා හමුදා සිදුකළ මෙහෙයුමේදී සටන්කාමීන් පස් දෙනකු ඝාතනය වූ බව ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසයි. සටන්කාමීන් ප‍්‍රාණ ඇපකරුවන් රඳවා තැබුණු තැන සොයා ගැනීමට ඇමෙරිකන් සහ ඇෆ්ගන් හමුදා සෙබළුන්ට හැකි වී ඇත්තේ බුද්ධි අංශ තොරතුරු සහ චන්ද්‍රිකා තාක්ෂණයේ උදව්වෙනි.



අදහස් (0)

ඇෆ්ගනිස්තානයේ ප‍්‍රාණ ඇපයේ සිටි විදෙස් සහන සේවකයෝ බේරා ගැනෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site