ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර හවුල් දේශසීමාවේ ඇති වූ නව ගැටුම්වලින් පසුව, පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් රජයට එරෙහිව විවෘත යුද්ධයක් ප්‍රකාශ කර ඇත.

පසුගිය සතිය මුලදී ගුවන් ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස ඇෆ්ගන් හමුදා පාකිස්ථාන දේශසීමා භටයින්ට ප්‍රහාර එල්ල කළ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් පාකිස්ථානය විසින් කාබුල් සහ කන්දහාර් වෙත බෝම්බ ප්‍රහාර එල්ල කිරීමත් සමග මෙම තත්ත්වය උත්සන්න වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

ඒ අනුව, කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ඇති කරගත් සටන් විරාමය තවදුරටත් අවදානමට ලක්ව ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.