ඇෆ්ගනිස්තානයේ කන්දහාර් ප‍්‍රදේශයේ නේටෝ ට‍්‍රක් රථ පෙළක් ඉලක්ක කර ගෙන ඊයේ(6) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් 21 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර විසිදෙදෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රදේශයේ පිහිටි නේටෝ ගුවන් කඳවුරට සැපයුම් රැගෙන යමින් සිටි ට‍්‍රක් රථ පෙළක් නවතා තිබූ රථ ගාලක් ආසන්නයේදී යතුරුපැදියක ඇටවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කර ඇති බව ප‍්‍රාදේශීය පොලිස් ප‍්‍රධානී අබ්දුල් රසීක් ප‍්‍රකාශ කළේය. හමුදා සෙබළු කිසිවකු ප‍්‍රහාරයට ගොදුරුවී නොමැති බවත් ජීවිතක්ෂයට පත් වූ සියල්ලන්ම සිවිල් වැසියන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. දකුණු ඇෆ්ගනිස්තානයේ පිහිටි විශාලතම නේටෝ ගුවන් කඳවුර ලෙස සැලකෙන මෙම කන්දහාර් ගුවන් කඳවුර තලෙයිබාන් සටන්කාමීන්ට තර්ජනයක්ව පවතින හමුදා මූලස්ථානයක් ද වේ. ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැති බව වාර්තා වේ. ඇමෙරිකාවේ ආධාර උපකාර ලබන වත්මන් ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායිගේ රජය පෙරළීමේ අරමුණින් ඉස්ලාම් අන්තවාදී සටන්කාමී සංවිධාන මෑත කාලයේදී බෝම්බ ප‍්‍රහාර ගණනාවක් එල්ල කළේය. කන්දහාර් ප‍්‍රදේශය තලෙයිබාන් සටන්කාමීන්ගේ නිජබිම ලෙස ද සැලකේ.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇෆ්ගනිස්තානයේ නේටෝ ට‍්‍රක් රථ පෙළකට බෝම්බ ප‍්‍රහාරයක්