ඇෆ්ගනිස්තානයේ කන්දහාර් ප‍්‍රදේශයේ නේටෝ ට‍්‍රක් රථ පෙළක් ඉලක්ක කර ගෙන ඊයේ(6) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් 21 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර විසිදෙදෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රදේශයේ පිහිටි නේටෝ ගුවන් කඳවුරට සැපයුම් රැගෙන යමින් සිටි ට‍්‍රක් රථ පෙළක් නවතා තිබූ රථ ගාලක් ආසන්නයේදී යතුරුපැදියක ඇටවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කර ඇති බව ප‍්‍රාදේශීය පොලිස් ප‍්‍රධානී අබ්දුල් රසීක් ප‍්‍රකාශ කළේය. හමුදා සෙබළු කිසිවකු ප‍්‍රහාරයට ගොදුරුවී නොමැති බවත් ජීවිතක්ෂයට පත් වූ සියල්ලන්ම සිවිල් වැසියන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. දකුණු ඇෆ්ගනිස්තානයේ පිහිටි විශාලතම නේටෝ ගුවන් කඳවුර ලෙස සැලකෙන මෙම කන්දහාර් ගුවන් කඳවුර තලෙයිබාන් සටන්කාමීන්ට තර්ජනයක්ව පවතින හමුදා මූලස්ථානයක් ද වේ. ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැති බව වාර්තා වේ. ඇමෙරිකාවේ ආධාර උපකාර ලබන වත්මන් ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායිගේ රජය පෙරළීමේ අරමුණින් ඉස්ලාම් අන්තවාදී සටන්කාමී සංවිධාන මෑත කාලයේදී බෝම්බ ප‍්‍රහාර ගණනාවක් එල්ල කළේය. කන්දහාර් ප‍්‍රදේශය තලෙයිබාන් සටන්කාමීන්ගේ නිජබිම ලෙස ද සැලකේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd