ඇමෙරිකානු සහ නේටෝ සෙබළුන් සමඟ ඇෆ්ගනිස්තානයේ ක්වලාත් නුවර හමුදා රථ පෙළෙක ගමන් කරමින් සිටි ඇමෙරිකානු තානාපති නිලධාරිනියක පෙරේදා (6) මරාගෙන මැරෙන බෝම්බකරුවකුට බිලි විය.
බෝම්බකරු මෝටර් රථයකින් පැමිණ එම හමුදා රථ පෙළේ හැපී පුපුරුවා ගෙන ඇත. ප‍්‍රහාරයෙන් තවත් ඇමෙරිකා සෙබළු තිදෙනෙක් ද ජීවිතක්ෂයට පත් වූහ. එම නිලධාරිනියගේ අභාවය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය ප‍්‍රකාශයක් නිකුත් කළ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කියා සිටියේ පසුගියදා ඔහු ඇෆ්ගනිස්තානයේ සංචාරය කරද්දී, ඔහුට ඇය හමුවුණු බවත් ඇය හුඟක් කැපවීමෙන් රාජකාරි කළ තැනැත්තියක බවත්ය.