අල් කයිඩා සහ තලේබාන් සටන්කාමීන් සමඟ සටන් වදින විදෙස් හමුදා 2014 වසරේදී ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට නියමිත හෙයින් එරට අනාගතය ගැන සාකච්ඡුා කිරීම සඳහා ගෝලීය සමුළුවක් ඊයේ (8) ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ විය. සමුළුව ආරම්භ කරමින් ජපාන අගමැති යොෂිහිකෝ නෝඩා පැමිණ සිටි විදේශීය නියෝජිතයන් අමතමින් කීවේ මෙවර එම සමුළුව ජපානයේ පැවැත්වීම තමන්ට විශාල ගෞරවයක් බවය. 2015 වසර තෙක් ඇෆ්ගන් සිවිල් වැසියන්ගේ යටිතළ පහසුකම් නංවාලීමට ජපන් රජය ඇමෙරිකන් ඩොලර් බිලියන 16 ක ආධාර මුදලක් ඇෆ්ගනිස්තානයට ලබා දෙන බව ද ජපන් අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය. ඇමෙරිකාව නියෝජනය කරමින් එරට රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සමුළුවට සහභාගී වූවාය. ඇය ජපානයට පැමිණියේ ප‍්‍රංශයේ සහ ඇෆ්ගනිස්තානයේ හදිසි සංචාරයකින් ද පසුවය. 2014 වසරේදී ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියත් ඇමෙරිකාවේ සහාය දිගටම ඇෆ්ගන් ජනතාවට සහ රජයට ලැබෙනු ඇතැයි ජනපති ඔබාමා වෙනුවෙන් ඇය සමුළුව අමතමින් ප‍්‍රකාශ කළාය. විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යන්නේ ඇෆ්ගන් ආරක්ෂක අංශවලට රටේ ආරක්ෂාව පවරා දෙමිනි. ඒ අනුව ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියන 4 ක මුදලක් වැයවේ. එම මුදල් ලබා දෙන්නේ ඇමෙරිකාව ජර්මනිය ඇතුළු බටහිර රටවල්ය. සමුළුවට විශේෂ ආරාධිතයන් ලෙස ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් ද සහභාගී වූහ.
2025 ඔක්තෝබර් මස 08
1896
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇෆ්ගන් සමුළුව ජපානයේ ටෝකියෝ නුවරදී ඇරැඹේ