ඇෆ්ගනිස්තානයේ වනිතා කටයුතු පිළිබඳ අමත්‍යාංශයේ ප‍්‍රධානී නාඩියා සිදිකි තුවක්කුකරුවන් දෙදෙනකුගේ වෙඩි ප‍්‍රහාරයකින් පෙරේදා (10) ජීවිතක්ෂයට පත්වූවාය. ඇය එම වෙඩි ප‍්‍රහාරයට ලක්වූයේ රාජකාරි අවසන් කර රික්ෂෝවක නැගී නිවස බලා යමින් සිටිද්දීය. තුවක්කුකරුවන් දෙදෙනා පැමිණ ඇත්තේ යතුරුපැදිවලිනි. නාඩියා සිදිකිට පෙර එම තනතුරේ කටයුතු කළ හනීෆා සාෆි ද ඉකුත් ජූලි මාසයේදී ඝාතනයට විය. ඇය ඝාතනය වූයේ ඇගේ මෝටර් රියේ අටවා තිබූ බෝම්බයක් පුපුරා යෑමෙනි.