ඇෆ්ගනිස්තානයේ හේරාත් නුවර, රජයේ ගොඩනැගිල්ලකට ඊයේ (10) මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දෙකක් එකවිට එල්ල වූ අතර, එයින් පුද්ගලයෝ 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. විසිපස් දෙනෙක් තුවාල ලැබූහ. බෝමබකරුවන් දෙදෙනා පුපුරණ ද්‍රව්‍ය පුරවා ගත් මෝටර් රථ දෙකකින් පැමිණ රජයේ ගොඩනැගිල්ල තුළට කඩා වැදී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර ඇෆ්ගන් හමුදා සෙබළුන් පිරිසක් ද සිටින බව වාර්තා වේ. එය ඉතා සැලැසුම් සහගතව සිදුකළ ප‍්‍රහාරයක් යැයි ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසයි. ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නොමැති නමුත් පොලිසිය පවසන්නේ එය තලේබාන් සටන්කාමීන් එල්ල කළ ප‍්‍රහාරයක් බවය.