IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගන් පාසලක සිසුහු 116ක් හදිසියේ ලෙඩ වෙති

ඇෆ්ගනිස්තානයේ බම්යන් නගරයේ පාසලක සිසු සිසුවියන් 116 දෙනකු හදිසියේ ක්ලාන්තවීම හේතුවෙන් පෙරේදා(19) රෝහල් ගත කළ බව ඇෆ්ගන් රෝහල් ආරංචිමාර්ග පවසයි. මෙලෙස අසනීප තත්ත්වයට පත්වූ පාසල් සිසුන් අවුරුදු 17ත් 19ත් අතර වයසේ පසුවන අය බවත් මොවුන්ගෙන් බහුතරය සිසුවියන් බවත් වාර්තා වේ. යම්කිසි වායුවක් ආඝ‍්‍රාණය වීම හේතුවෙන් මෙම දරුවන් ක්ලාන්තවී ඇති බව බම්යන් රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරියා පැවැසීය. ‘මෙම තත්ත්වය හේතුවෙන් කිසිවෙකුත් බරපතළ තත්ත්වයකට පත්ව නැහැ. බොහෝ දෙනකු මේ වන විට ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොසින්. දැනට රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටින්නේ අටදෙනකු පමණයි’ යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප‍්‍රදේශයේ ආණ්ඩුකාරවරයා පැවැසුවේ මෙම සිසුන් යම් කිසි විෂ සහිත වායුවක් ආඝ‍්‍රාණයවීම හේතුවෙන් මෙසේ අසනීප වී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්ය. තලෙයිබාන් සංවිධානය බලයට පත්ව සිටි 1996 - 2001 වසරවල දී ගැහැනු ළමයින්ට පාසල් යාම තහනම් කළ අතර ඔවුන්ගේ අණ නොතැකූ ළමයින් ඝාතනය කිරීමට විෂ වායු යොදා ගත් බවට වත්මන් ඇෆ්ගන් රජය චෝදනා කරයි.



අදහස් (0)

ඇෆ්ගන් පාසලක සිසුහු 116ක් හදිසියේ ලෙඩ වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 66 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 25 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site