IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගන් පොලිස් මුරපොළකට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ දකුණු කන්දහාරයේ පොලිස් මුරපොළකට ඊයේ (31) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් එහි සිටි නිලධාරීන් පස් දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර සත් දෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රහාරය එල්ල වූයේ ආර්ගිස්තාන් පිහිටා ඇති පොලිස් මුරපොළටය. බෝම්බකරු මෝටර් රථයකින් පැමිණි බවත්, පොලිස් නිලධාරීන් ඔහු පරීක්ෂා කිරීමට සැරසෙද්දී බෝම්බය පුපුරුවා ගෙන ඇති බවත් වාර්තා වේ. තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නොමැති නමුත් එය තලේබාන් සටන්කාමීන්ගේ සැහැසි කි‍්‍රයාවක් යැයි ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය පවසයි. ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීහු නිරන්තරයෙන් එරට ආරක්ෂක අංශ ඉලක්ක කරගෙන ප‍්‍රහාර එල්ල කරති. කන්දහාරයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පසුගිය මාස කිහිපයේ ඉහළ ගිය බව ද ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය වැඩි දුරටත් කියා සිටී.



අදහස් (0)

ඇෆ්ගන් පොලිස් මුරපොළකට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 76 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site