දකුණු ඇෆ්ගනිස්තානයේ පිහිටි කඳවුරකදී ඇෆ්ගන් පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ (16) සිදු කළ වෙඩි තැබීමකින් නේටෝ හමුදා භටයන් සිවුදෙනකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ. මේ වසරේදී නේටෝ හමුදා ඉලක්ක කර ගනිමින් ඇෆ්ගන් පොලිස් නිලධාරීන් ලෙස වෙස්වළාගෙන එරට ආරක්ෂක කටයුතුවල නිරත තලෙයිබාන් සටන්කාමීන් සිදු කළ වෙඩිතැබීම්වලින් මියගිය පිරිස 51 දක්වා ඉහළ ගිය බව ප‍්‍රංශ පුවත් සේවය පවසයි. මිසානා ප‍්‍රදේශයේ ඇෆ්ගන් පොලිස් ස්ථානයකට ප‍්‍රහාරයක් එල්ලවන අවස්ථාවේදී ඊට උපකාරවීමට පැමිණි නේටෝ හමුදා භට පිරිසකට මෙම ප‍්‍රහාරය එල්ල වී තිබේ. සිද්ධියෙන් බි‍්‍රතාන්‍ය හමුදා භටයන් දෙදෙනකු ඇතුළු සිවුදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇෆ්ගනිස්ථාන් ජනාධිපති නේටෝ හමුදාවට වෙඩි තියයි 2014 වෙනකොට..(ස)