ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදාව ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කර දොළොස් වසරක් සපිරී ඇති නමුත් තලේබාන් සටන්කාමීන්
|
ඇෆ්ගන් ජනපති (වමේ) ඇමෙරිකානු නව ආරක්ෂක ලේකම් හමුවෙමින්... |
පරාජය කිරීමට ඔවුන්ට හැකියාවක් ලැබී නැතැයි ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි චෝදනා කරයි.
2014 වසරෙන් පසුවත් ඇමෙරිකානු හමුදා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අවුළුවමින්, ඇෆ්ගනිස්තානයේ රැඳී සිටීමට සූදානම් වන බවද ජනපතිවරයා තවදුරටත් කියා සිටී.
ඇෆ්ගන් ජනපති එම චෝදනා එල්ල කළේ පෙරේදා (10) ජාතිය ඇමැතූ අවස්ථාවේදීය. ඇමෙරිකාවට පමණක් නොව ඇෆ්ගනිස්තානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන තලේබාන් සංවිධානයට ද ජනපති කර්සායි එම අවස්ථාවේදී දොස් පැවැරීය.
ඇමෙරිකාව තම හමුදා තව දුරටත් ඇෆ්ගනිස්තානයේ රඳවා තැබීමට උත්සාහ ගන්නේ තලේබාන් සංවිධානය දිගින් දිගටම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරමින් ඇමෙරිකාව පොළොඹ වන නිසා යැයි ද ජනපති කර්සායි චෝදනා කළේය.
ඇෆ්ගනිස්තානය අවුල් ජාලයක් කිරීමේ වගකීම තලේබාන් සංවිධානය මෙන්ම ඇමෙරිකාව ද බාර ගත යුතු යැයි ජනපති කර්සායි වැඩි දුරටත් චෝදනා කරයි.
ඇෆ්ගන් ජනපති මෙසේ චෝදනා කළේ ඇමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් චක් හේගල් ඇෆ්ගනිස්තානයේ හදිසි සංචාරයකට පැමිණි අවස්ථාවේදීය.
ඇමෙරිකා හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසීමෙන් පසු හේගල්, ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි හමුවී සාකච්ඡා කළ බව ද වාර්තා විය.
ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදාව ඇෆ්ගිනස්තානය ආක‍්‍රමණය කළේ 2001 වසර ඔක්තෝබර් මාසයේදී ය. ඒ, 2001 සැප්තැම්බර් 11 වැනිදා ප‍්‍රහාරයෙන් පසු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්තානයට පැමිණ සැඟවීමත් එවකට පැවැති තලේබාන් රජයෙන් ඔහුට සහාය හිමිවීමත් සමඟය.
විදෙස් හමුදා එවකට පැවැති තලේබාන් පාලනය පෙරළා දමා ඔවුන්ට හිතැති පාලනයක් ඇෆ්ගනිස්තානයේ පිහිටුවී ය. හමීඞ් කර්සායි ඇෆ්ගනිස්තානයේ ජනපති ධුරයට පත් වූයේ ඒ අනුවය. කර්සායිගේ රජය ගෙන යෑමට ආධාර දෙන්නේද බටහිර රටවල්ය.
2025 දෙසැම්බර් මස 16
94
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇෆ්ගන් ජනපති ඇමෙරිකාවටත් තලේබාන් සංවිධානයටත් දෙහි කපයි
සදරුවන් Tuesday, 12 March 2013 07:21 PM
අපිත් මේ දේවල් දෙස බලා බුද්ධිමත් වෙන්න ඕනෑ. (නි)