IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගන් උසස් අධ්‍යාපන ඇමැති තලේබාන් ප‍්‍රහාරයකින් නූලෙන් බේරෙයි

තලේබාන් සටන්කාමීන්ගේ බෝම්බ ප‍්‍රහාරයකින් තුවාල ලබා දිවි ගලවා ගැනීමට ඇෆ්ගන් උසස් අධ්‍යාපන ඇමැතිවරයා ඊයේ (15) සමත් විය. තලේබාන් සටන්කාමීන් එම බෝම්බය අටවා තිබුණේ බගාලන් සහ කුන්ඩාස් යන ප‍්‍රාන්ත අතරින් දිවෙන මාර්ගය අසලය. ඇමැති ඔබේදුල්ලා ඔබේදී රැගත් මෝටර් රථය ඒ අසලින් යද්දී බෝම්බය පුපුරුවා හැර ඇත. ඔබේදී, දිවි ගලවා ගත් නමුත් ඔහුගේ මෝටර් රථයට ආරක්ෂාව දෙමින් ඊට ඉදිරියෙන් ජිප් රියකින් ගමන් කළ පොලිස් නිලධාරීහු දෙදෙනා ජීවිතක්ෂයට පත්වූහ. දින දෙකක් ඇතුළතදී ඇෆ්ගන් රජයේ නියෝජිතවරයකු ඉලක්ක කර තලේබාන් සටන්කාමීන් එල්ල කළ දෙවැනි ප‍්‍රහාරය මෙයයි. සමන්ගාන් ප‍්‍රාන්තයේ අයිබාක් නුවර පෙරේදා (14) පැවැති මංගල උත්සවයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඇෆ්ගන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ඇතුළු 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එහිදී තලේබාන්වරුන්ගේ ඉලක්කය වූයේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස මංගල්‍යයට පැමිණි මන්තී‍්‍ර අහ්මඞ් කාන්ය. බෝම්බකරු මන්තී‍්‍රවරයා බදාගෙන බෝම්බය පුපුරුවා ගත් බව සිද්ධිය දුටුවෝ පවසති. එම ප‍්‍රහාරයෙන් 43 දෙනෙක් තුවාල ලැබූහ.



අදහස් (0)

ඇෆ්ගන් උසස් අධ්‍යාපන ඇමැති තලේබාන් ප‍්‍රහාරයකින් නූලෙන් බේරෙයි

මධු Tuesday, 17 July 2012 02:06 AM

ඊළග සැරේ මීට වැඩිය ලොකු බෝම්බයක් තියයි, මේ පාර බේරුණ නිසා.බලාගෙන.පරිස්සමින්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 33 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site