IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇෆ්ගන් ඇමෙරිකා හමුදා කඳවුරට තලේබාන් ප‍්‍රහාරයක්:

ඇෆ්ගනිස්තානයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරට පෙරේදා (1) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දෙකකට සිවිල් වැසියන් 15 දෙනෙක් සහ පොලිස් නිලධාරීහු දෙදෙනෙක් බිලිවූහ. ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 43 කි. ප‍්‍රහාරය එල්ල වූයේ මධ්‍යම ඇෆ්ගනිස්තානයේ වර්ඩාක් ප‍්‍රාන්තයේ සෙයිඩාබාද් දිස්ති‍්‍රක්කයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරටය. ප‍්‍රහාරයෙන් ඇමෙරිකානු හමුදා සෙබළුන්ට අනතුරක් සිදු නොවූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. පළමු බෝම්බකරු කඳවුරට ඇතුළු වීමට උත්සාහ ගත් අවස්ථාවේ කඳවුර පිටත ආරක්ෂාවට සිටි ඇෆ්ගන් පොලිස් සහ හමුදා නිලධාරීන් ඔහු සෝදිසි කළ අතර එම අවස්ථාවේදී ඔහු බෝම්බය පුපුරවාගෙන ඇත. එම පිපිරීමත් සමඟ හටගත් කලබලය මැද ට‍්‍රක් රියක් පදවාගෙන පැමිණි දෙවැනි බෝම්බකරු සිය බෝම්බය පුපුරවා ගත් බව ආරක්ෂක අංශ පවසයි. කඳවුර අසල පොළක් පැවැති බවත් පිපිරීමෙන් තුවාල ලැබූ සහ මරණයට පත් වූ සිවිල් වැසියන් එම පොළට පැමිණ සිටි අය බවත් ඇෆ්ගන් ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී. තුවාල ලබා රෝහල් ගත කළ පිරිස අතරේ ඇෆ්ගන් හමුදා සහ පොලිස් නිලධාරීන් ද සිටින බව ද පැවැසෙයි. ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි රෝහල් ආරංචි මාර්ග කියයි.



අදහස් (0)

ඇෆ්ගන් ඇමෙරිකා හමුදා කඳවුරට තලේබාන් ප‍්‍රහාරයක්:

නිමල් Monday, 03 September 2012 09:50 PM

එල්.ටී.ටී. එකේ වගේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරවන්න මේ අයට බැහැ වගෙයි. (නි)

:       0       0

සිල්වා Monday, 03 September 2012 02:34 PM

නියමයි. රටින් පිටවනතුරුම මෙය කළ යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site