IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ඇසෑමයේ වාර්ගික ගැටුම් ඇවිළී 35ක් මරුට: 170,000ක් අවතැන්

ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේ සිවු දිනක් පුරා පැවැති වාර්ගික ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ ගණන ඊයේ(25) දිනයේදී 35 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඉන් 170,000ක් අවතැන්ව ඇති බවත් වාර්තා වේ. ඇසෑමයේ වෙසෙන බෝඩෝ ගෝත‍්‍රිකයන් සහ මුස්ලිම් පදිංචිකරුවන් අතර හටගෙන ඇති මේ ගැටුම්වලට මැදිව සිටින 170,000 ක් පමණ වන ජනතාවක් අවතැන්ව සිටින බව ඉන්දීය පොලිස් ප‍්‍රකාශකයෙක් පැවැසීය. ඔවුන් මේ වන විට ප‍්‍රදේශයේ පිහිටි පාසල් සහ රජයේ ගොඩනැඟිලි  වෙත යොමු කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. දෙපාර්ශවය අතර පෙරේදා(24) රාත‍්‍රියේ හටගත් ගැටුම්වලින් 9 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත. පොලිසිය ඇඳිරිනීතිය පනවා දුටු තැන වෙඩි තබන බවට ද කලහකාරීන්ට අනතුරු අඟවා තිබුණේ එම පිරිස් ප‍්‍රදේශයේ පිහිටි නිවාස සහ වෙළෙඳසැල් ගිනිබත් කරමින් සිටි අවස්ථාවේදීය. මේ අයුරින් අනතුරු ඇඟවීමෙන් පසුව යම් පිරිසක් නිවසක් ගිනි තැබීමට උත්සාහ ගත් අවස්ථාවේ දී පොලිසිය ඔවුනට වෙඩි තැබූ බව වාර්තා වේ. ගැටුම්කාරී තත්ත්වය වර්ධනය වෙමින් පවතින නිසා අතිරේක බලඇණි ප‍්‍රදේශයට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව ප‍්‍රාදේශීය පොලිස් ප‍්‍රධානියා ප‍්‍රකාශ කළේය. බෝඩෝ ගෝත‍්‍රිකයන් පිරිසක් මුස්ලිම් ශිෂ්‍ය නායකයන් දෙදෙනකු වෙඩිතබා ඝාතනය කිරීමෙන් අනතුරුව ඊට පළිගැනීමක් ලෙස මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ප‍්‍රදේශයේ ආරක්ෂක සංවිධාන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටින බව වාර්තා වේ.ගැටුම් හේතුවෙන් පලායන සරණාගතයෝ...



අදහස් (0)

ඇසෑමයේ වාර්ගික ගැටුම් ඇවිළී 35ක් මරුට: 170,000ක් අවතැන්

නවරත්න Thursday, 26 July 2012 06:38 PM

නියමයි නියමයි. තව හොදට මරා ගන්න. (නි)

:       0       0

මදුරන්ගි Thursday, 26 July 2012 12:22 PM

ජාති වාදය නම් එපා (දී)

:       0       0

මංගල Thursday, 26 July 2012 11:44 PM

ඔන්න ඕක තමයි කියන්නේ වීදුරු ගෙවල් වල ඉදන් අනුන්ට ගල් ගහන්න එපයි කියලා. ඇයි මේ ප්‍රශ්නේ දැම්මෙ නැද්ද ජිනීවා වලට? (නි)

:       0       0

මංගල Thursday, 26 July 2012 11:44 PM

ඕකට තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නේ. (නි)

:       0       0

මධු Thursday, 26 July 2012 01:27 PM

මේක ඉන්දියාවට විතරක් නෙමෙයි තව බොහෝ රටවලට ගැටලුවක් වෙලා තමයි තියෙන්නෙ..!!

:       0       0

ප්‍රසන්න Thursday, 26 July 2012 01:28 PM

කොහේ හරි ගැටුමක්ද මෙයාල එතන.....(ස)

:       0       0

වරුණ Thursday, 26 July 2012 01:30 PM

ඉන්දියාව එල්ටීටීඑකට උදව් කරලා ලංකාවෙ ත්‍රස්තවාදයට ඇතිකළා.. දැං එගොල්ලත් ඒවා අත්විදිනවා..(නු)

:       0       0

ලීලා Friday, 27 July 2012 06:26 AM

මුස්ලිම් ආගමික අන්තවාදය දැන් හැමතැනම තියෙනවා. (නි)

:       0       0

ලක්ෂාන් Friday, 27 July 2012 08:49 AM

මුළු ලෝකයටම ගිනි ඇවිලුනේ මේ අය නිසා තමයි....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1881 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1511 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site