IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


ඇවිදින ගෙයක් හදයි

පැදගෙන යා හැකි ජංගම නිවහනක් නිපදවීමට බි්‍රතාන්‍යය ජාතික කාර්මික ශිල්පියෙක් සමත්ව තිබේ.

ඇන්ඩි සොන්ඩර්ස් නම් මෙම කාර්මික ශිල්පියා ‘ක්‍රැම්පර් වෑන්‘ ලෙස හැදින්වෙන මේ අමුතු පන්නයේ ජංගම නිවහන නිපදවා ඇත්තේ පාපැදියක් හා මෝටර් රථ වලින් ඇදගෙන යන ජංගම නිවහනක් එකට බද්ධ කිරීමෙනි.

ප්‍රමාණයෙන් කුඩා වුවත් නිවහන ඇතුළත 4 දෙනෙකුට සරිලන ඉඩ පහසුකම් ඇත.නිදා ගැන්මට අවශ්‍ය වන්නේ නම් වහලයේ සවිකර තිඛෙන ඇද භාවිතා කළ හැක.ආහාර පිස ගැනීමට ගෑස් උදුනක්,පිගන් කෝප්ප සෝදා ගැනීමට ජලය ලබා ගත හැකි කරාමයක් ආදී පහසුකම්ද මේ   නිවහනේ ඇත.

මෙය නිපදවීමට පවුම් 1000 ක් (රුපියල් 195000) පමණ වැයවී ඇතැයි සදහන් වේ. පාපැදියක් හැටියට ගනන් ගැනෙනා බැවින් මාර්ගයේ ධාවනයට ලියාපදිංචි කිරීමක්ද අවශ්‍ය නොවන බව ඇන්ඩි කියයි.



අදහස් (0)

ඇවිදින ගෙයක් හදයි

සමන්ති Friday, 17 May 2013 10:34 AM

අනාගතයේ ලෝකයේ ජනගහනයට අනුව ඉඩම් ප්‍රමාණය මදි වෙන නිසා මෙය හොද සොයාගැනීමක්. (ස)

:       0       0

කුමාර Thursday, 16 May 2013 10:03 PM

කැරවැන් කියන්නෙ තවලමට. තවලම් ගියෙ ආදිකාලෙ. මිනිස්සු කරත්තවල බඩු පුරවාගෙන වෙලදාමෙ. දැන් ඒක මොඩ්වෙලා කෝටිපතියො යන්න පටන්ගෙන. (නි)

:       0       0

ගාමිණී-සිරි Thursday, 16 May 2013 04:07 PM

අපේ රටටත් හොදයි, මුහුබද හා තැනිතලා ප්‍රදේශ වලට. හැබැයි කඩුගන්නාව පාගන්න ගිහාම තමයි තරු පෙනෙන්නේ. ඇදගෙන යන්න වාහන අපට කොයින්ද ? (නි)

:       0       0

රාජිත Thursday, 16 May 2013 11:40 PM

මිනිස්සු කරන දේවල්

:       0       0

චූලා Thursday, 16 May 2013 12:53 PM

මේවට කියන්නේ "කැරවැන්" කියල. මේවගේ ජිවත් වෙන සංස්කෘතියක් යුරෝපේ තියනවා. ඒවගේ ඇතැම් වෙලාවට ඉන්නේ කෝටිපතියෝ. ඒවා නම් වාහනවලිනුයි ඇදගන යන්නේ.(ස)

:       0       0

ජයන්ත් Thursday, 16 May 2013 01:03 PM

මේකනම් නියමයි. (ස)

:       0       0

සෙනරත් Friday, 17 May 2013 07:14 PM

මේක ඒ තරම් ප්‍රසිද්ධ වෙන එකක් නැහැ (නි)

:       0       0

දයා අලහාකෝන් Thursday, 16 May 2013 02:38 PM

පිස්සු වැඩ නේද? නිදාගෙන ඉන්නවිට හැප්පුනොත් හෙම කම්මුතුයි. ගහක් යට නිදාගන්නවා සැපයි කියලා හිතෙනවා.(නදී)

:       0       0

හේමාල් Friday, 17 May 2013 02:29 PM

ඔය ගාණටනම් පාඩු නැ. එත් ඔය වගේ එකක් අපේ රටේ මනුස්සයෙක් හැදුවොත් ඒක සත පහකටවත් ගණන් ගන්නේ නැ.හැමදෙයක්ම පිට රටින් කන්න බලාගෙන ඉන්න අය ඉන්නේ.(ස)

:       0       0

උපුල් හේමකුමාර Friday, 17 May 2013 09:45 AM

කදිමයි. ලංකාවටත් ගෙන්වමුද ? (ස)

:       0       0

මර්සි ලංකා Sunday, 19 May 2013 11:58 PM

මේවා බොහෝ කලකට පෙර සිටම තිබෙන දේවල්. නමුත් ඒවා වෙනත් පොඩි වාහනයකින් ඇද ගෙන යනවා.අධි සුඛෝපබෝගී කැරවන් කියා කියන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 132 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15775 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 553 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site