ඇල්ජීරියාවේ තව තවත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන බව එරට බලශක්ති බලාගාරයක සේවකයන් පිරිසක් ප‍්‍රාණ ඇපයට ගෙන සිටි සටන්කාමීන්ට නායකත්වය දුන් අල් කයිඩා හිතවාදී මොක්තාර් බෙල්මොක්තාර් පෙරේදා (21) ඇල්ජීරියානු රජයට අනතුරු ඇඟවීමක් කළේය.
ඇසක් අහිමි මොක්තාර් බෙල්මොක්තාර් සම්බන්ධ වන්නේ උතුරු අපි‍්‍රකාවේ කි‍්‍රයාත්මක අල් කයිඩා ජාලයටය.
එම ජාලයට අයත් සටන්කාමීහු 50 කට වැඩි පිරිසක් ඉකුත් 16 වැනිදා සිට 20 වැනිදා තෙක් ඇල්ජීරියාවේ ස්වාභාවික වායු බලාගාරයක දෙස් විදෙස් සේවකයෝ 800 ක් පමණ ප‍්‍රාණ ඇපයේ තබා ගත්හ.
සටන්කාමීන් ඇල්ජීරියා රජයට බල කළේ අසල් වැසි මාලි රාජ්‍යයේ අල් කයිඩා සටන්කාමීන්ට එරෙහිව ප‍්‍රංශ හමුදා සිදු කරන මෙහෙයුම් වහා නැවැත්විය යුතුයි කියාය.