සිවු දිනක් තිස්සේ ඉස්ලාමීය සටන්කාමීන්ගේ ග‍්‍රහණයේ පැවැති ස්වාභාවික වායු බලාගාරය යළි තම ග‍්‍රහණයට නතු කර ගැනීමට ඇල්ජීරියානු හමුදාව ඊයේ (20) සමත් වූ අතර ඔවුන් එල්ල කළ  ප‍්‍රහාරවලින් සටන්කාමීන්ගේ ප‍්‍රාණඇපයේ සිටි විදේශිකයෝ ද ඇතුළු 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
	ඇල්ජීරියා රජය පවසා ඇත්තේ හමුදාව එල්ල කළ අවසන් ප‍්‍රහාරයෙන් ඉස්ලාමීය සටන්කාමී නායක අබ්දුල් රහමෙන් අල් නයිජීරී ජීවිතක්ෂයට පත් වූ බවය. අබ්දුල් රහමෙන් නයිජීරියානු ජාතික ඉස්ලාමීය සටන්කාමියෙකි.
	සටන්කාමීන් ‘ටිගැන්ටුරීන්’ නමැති එම ස්වභාවික වායු බලාගාරය වටලා ඊට කඩා වැදී එහි සිටි සේවකයන් ප‍්‍රාණ ඇපයට ගත්තේ ඉකුත් 16 වැනිදාය.
	එම බලශක්ති බලාගාරය පිහිටා ඇත්තේ උතුරු අපි‍්‍රකානු රාජ්‍යයක් වන ඇල්ජීරියාවේ ආමේනාස් නගරයට නුදුරිනි.
	ඇල්ජීරියා රජය එම ස්වාභාවික වායු බලාගාරය පවත්වාගෙන යන්නේ බි‍්‍රතාන්‍යයේ ‘බි‍්‍රටිෂ් පෙට්රෝලියම්’ සමාගම නෝර්වේ රාජ්‍යයේ ස්ටැටොයිල් සමාගම සහ ඇල්ජීරියාවේ සොනට‍්‍රැච් තෙල් සමාගම සමඟ ඒකාබද්ධවය.
	කාන්තාර ප‍්‍රදේශයක විශාල භූමි ප‍්‍රදේශයක පිහිටි මෙම බලශක්ති බලාගාරයේ ඇල්ජීරියානු, බි‍්‍රතාන්‍ය සහ නෝර්වේ ජාතිකයන්ට අමතරව ඇමෙරිකානු, ප‍්‍රංශ සහ ජපාන සේවකයෝ, ඉන්ජිනේරුවෝ සහ තාක්ෂණවේදීහු සේවය කරති. බලාගාරය පිහිටා ඇත්තේ නැඟෙනහිර ඇල්ජීරියාවේ ලිබියානු දේශසීමාවට නුදුරිනි.
	කෙසේ නමුත් සිවු දිනක් තිස්සේ පැවැති ගැටුම් ඊයේ (20) අවසන් වෙද්දී, ප‍්‍රාණ ඇපයේ සිටි විදේශීය සේවකයන් 107 දෙනකු සහ ඇල්ජීරියානු ජාතික සේවකයන් 685 දෙනකු දිවි බේරා ගැනීමට සමත් වූ බව ඇල්ජීරියානු රජය නිවේදනය කරයි.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1722										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1722										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1429										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1429										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 513										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 513										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇල්ජීරියා බලශක්ති බලාගාරය සටන්කාමීන්ගේ ග‍්‍රහණයෙන් මුදාගැනේ