මාලි රජයේ හමුදාවට සහාය දෙමින්, එරට නගර අත්පත් කරගෙන සිටින ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව සටන් වදින චැඞ් රාජ්‍යයේ හමුදා සෙබළුන් ඊයේ (3) කියා සිටියේ ඔවුන් එල්ල කළ ප‍්‍රහාරයකින් ඇල්ජීරියානු ප‍්‍රාණ ඇපකරු සිද්ධියේ මහ මොළකරු මොක්තාර් බෙල්මොක්තාර් ජීවිතක්ෂයට පත් වූ බවය.
අල් කයිඩාවට සම්බන්ධ ජිහාඞ්වාදී ඉස්ලාමීය සටන්කාමීන් මාලි රාජ්‍යයේ අසල්වැසියකු වන ඇල්ජීරියාවේ ටිගැන්ටුරීන් නමැති ස්වභාවික වායු බලශක්ති බලාගාරයට කඩා වැදී, එහි සිටි විදේශිකයන් රැසක් ප‍්‍රාණ ඇපයට ගත්තේ පසුගිය ජනවාරි 16 වැනිදාය. එම ප‍්‍රාණ ඇපකරු සිද්ධිය පසුපස සිටි මහ මොළකරු මොක්තාර් බෙල්මොක්තාර්ය.
ප‍්‍රාණ ඇපකරුවන් රඳවා ගත් ජිහාඞ් සටන්කාමීන් ඉල්ලා සිටියේ මාලි රටේ තම සටන්කාමීන්ට එරෙහිව ප‍්‍රංශය සහ චැඞ් රාජ්‍යයේ හමුදා ගෙන යන මෙහෙයුම් වහා නවත්වන ලෙසටය. චැඞ් යනු මාලි සහ ඇල්ජීරියාවේ අසල්වැසි රාජ්‍යයකි.
ප‍්‍රාණ ඇපකරුවන්ට හිස නොනැමූ ඇල්ජීරියානු රජය ඉකුත් ජනවාරි 17 වැනිදා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දුන් අතර එහිදී ප‍්‍රාණ ඇපයේ සිටි ප‍්‍රංශ, බි‍්‍රතාන්‍ය, ඇමෙරිකානු, නෝර්වේ ඇතුළු සෙසු විදේශික සේවකයෝන්, ඉංජිනේරු සහ තාක්ෂණ ශිල්පීහු 23 දෙනෙක් සහ ඉස්ලාමීය සටන්කාමීහු 36 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
බලාගාරයේ සිටි ඇල්ජීරියානු ජාතික සේවකයන් 685 දෙනකු සහ විදේශීය සේවකයන් 107 දෙනකුට නිදහස හිමිවිය. ඇතැම්හු බේරී පලා ගියහ.
මාලි රාජ්‍යයේ උතුරුදිග ප‍්‍රදේශ අල්ලා ගෙන සිටින්නේත්, ඇල්ජීරියානු ප‍්‍රාණ ඇපකරු සිද්ධියට සම්බන්ධ වූයේත් උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන්ය. මාලි රජයට සහ එරට හමුදාවට සහාය දෙමින් සටන්කාමීන්ට එරෙහිව මෙහෙයුම් ආරම්භ කර ඇති තම රටේ හමුදා සෙබළුන් අතින් බෙල්මොක්තාර් මියගිය බව මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළේ චැඞ් ජනාධිපති ඉඞ්රිස් ඩෙබීය. බෙල්මොක්තාර් සමඟ තවත් අල් කයිඩා සටන්කාමීන් 40 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද වාර්තා වේ.
එම සටන්කාමීන්ට එරෙහිව මෙහෙයුම් ආරම්භ වී ඇත්තේ උතුරුදිග මාලි රාජ්‍යයේ කඳුකර ප‍්‍රදේශවලදීය. ප‍්‍රංශ හමුදාවේ සහාය ද චැඞ් සෙබළුන්ට හිමිවී ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd