
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් , කැනඩා භාණ්ඩ සදහා සියයට 50 කට වැඩි තීරුබදු පැනවීමත් සමග කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි කියා සිටියේ, කැනඩාව ද ඇමෙරිකන් භාණ්ඩ සදහා ඩොලරයට ඩොලරයක් හිලවු වන ආකාරයට ප්‍රතිචාර බදු පනවන බවය.
ඇමෙරිකාවේ දැඩි ආර්ථික බලපෑම් හමුවේ පසු බැසීම ප්‍රතික්ෂේප කරමින්, ධවල මන්දිරය සමග ගැටීමට තීරණය කළ පළමු කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ලෙස මාර්ක් කාර්නි ඉතිහාසයට එක්වන බව මාධ්‍ය වාර්තා කර තිබේ.
දශක ගණනාවක් පුරා නිදහස් වෙළඳ සබඳතා පවත්වාගෙන ගිය, සාම්ප්‍රදායික මිත්‍ර පාක්ෂික අසල්වැසියන් වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතරේ මේවනවිට වෙළෙඳ යුද්ධයක් ආරම්භ වී ඇති බවත්, එය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා දැඩි අර්බුදයකට ලක් කරනු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ට්‍රම්ප්, සියයට 50 ට වැඩි තීරු බදු පනවා ඇත්තේ කැනඩාවෙන් ඇමෙරිකාවට එවන ඩොලර් බිලියන 28කට ආසන්න භාණ්ඩ සදහාය. මීට අදාළව දෙපාර්ශ්වය අතරේ පසුගිය දිනවල සාකච්ඡා පැවැත්විණි. එම සාකච්ඡා අවසන් මොහොතේ දී ට්‍රම්ප් පාර්ශ්වය ඉදිරිපත් කළ නව කොන්දේසි අසාධාරණ සහ අසමබර බවත්, කැනඩා අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත.
සාකච්ඡා බිඳ වැටීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා කර ගනී. ඇමෙරිකානු පාර්ශ්වය අවසන් මොහොතේ ඉදිරිපත් කළ කොන්දේසි පදනම් කරගනිමින් කැනඩා අගමැතිවරයා පැහැදිලි කර ඇත්තේ, කැනඩාව සමස්ත අපනයනවලින් සියයට 70 ක් පමණ ඇමරිකාවට යවන අතර, මිචිගන්, කෙන්ටකි, ඉන්දියානා සහ ඔහායෝ වැනි ඇමරිකානු ජනපද රැසක ප්‍රධානතම වෙළඳ සහකරුවා වන්නේ ද කැනඩව බවය.
මේ අතර කැනඩා මාධ්‍ය සිදු කළ ජනමත විචාරණවලට අනුව, එරට වැසියන්ගෙන් වැඩි පිරිසක් ඇමෙරිකා තීරු බදු හමුවේ, අග්‍රාමාත්‍ය කර්නවිි ඊට එරෙහිව නැගී සිටීම අනුමත කර තිබේ.
ඊට අමතරව, කැනඩාව තුළ ඇමෙරිකානු මත්පැන් අලෙවිය තහනම් කිරීමට ප්‍රාන්ත රැසක් පියවර ගෙන ඇති අතර, ඇමෙරිකානු වයින් අපනයනය සියයට 78 කින් සහ අනෙකුත් මත්පැන් අපනයනය සියයට 70කින් පහත වැටී ඇතැයි ද පැවැසෙයි.
ඊට අමතරව, කැනඩා වැසියන් ඇමරිකාවේ සංචාරය කිරීම වර්ජනය කිරීම හේතුවෙන් පසුගිය වසරේ ඇමරිකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.35ක සංචාරක ආදායමක් අහිමි වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd