ඉරානයේ සිටිනා අල් කයිඩා නායකයන් දෙදෙනකු ගැන තොරතුරු සපයන්නන්ට ඩොලර් ලක්ෂ 120ක් හෙවත් රුපියල් කෝටි 156ක් තෑගි මුදල් දෙන බව ඇමෙරිකාව කියයි. 2011 සැප්තැම්බර 11 ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට හා අල් කයිඩා සංවිධානයට සම්බන්ධ සැක කැරෙන ඉරාන ව්‍යාපාරිකයෙකු වන මුෂින් අල් ෂඩිල් සහ ඔහුගේ සහයකයෙක් වන අඩෙල් රාඩි අල් වහබි අල් හර්බි පිළිබඳ තොරතුරු ලබා දෙන්නකු හට මේ මුදල් ත්‍යාග පිරිනැමෙනු ඇත. සැප්තැම්බර 11 ප්‍රහාරයට මෙන්ම අල් කයිඩා සංවිධානයේ සාමාජිකයන් දකුණු ආසියාවේ හා මැදපෙරදිග රටවල ස්ථාන ගත කිරීමටද මොවුන් දෙපළ සම්බන්ධ බව සැක කෙරේ. මුෂින් අල් ෂඩිල් පිළිඹද තොරතුරු ලබා දෙන්නෙකුට ඩොලර් ලක්ෂ 70 ක්ද (රුපියල් ලක්ෂ 9700) ඔහුගේ සහයකයා පිළිබඳ තොරතුරු ලබා දෙන්නෙකුට ඩොලර් ලක්ෂ 50 ක්ද (රුපියල් ලක්ෂ 6500) පිරිනැමීමට ඇමරිකාව සූදානමින් සිටී. (කෝවිගු)
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇමෙරිකාවෙන් කොටි 156 තෑග්ගක්
නධී Saturday, 20 October 2012 02:39 PM
ඔවුන්ට ආරක්ෂාව දෙනු විනා අල්ලා දීම නොවටී. (නි)
සුනිල් Friday, 19 October 2012 03:20 PM
ඉරාණයට ළගදීම ඇමෙරිකාව ගහයිද? (නි)
නාපාවල කටාර් . Sunday, 21 October 2012 02:48 PM
මෙය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ගන්න බොරු චෝදනාවකි . (නි)
මුතු Friday, 19 October 2012 11:16 PM
ඔය ඇමරිකන් ඩොලර්වලට ඒ අය අහුවෙන්නේ නෑ (ස)