ඇමෙරිකාවේ දකුණුදිග පෙදෙසට බලපා ඇති දරුණු හිමකුණාටු තත්ත්වය හේතුවෙන් මේ වන හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව කාලගුණවිද්‍යා අංශ පවසයි.
මෙක්සිකෝ බොක්ක ආසන්නයේ සිට පංචමහා විල් දක්වා ඇති ජනපදවලට හිම කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත. අයහපත් කාලගුණික තත්ත්වය නිසා ගුවන්ගමන්වාර 2000ක් පමණ අවලංගු කර ඇතැයි ඇමෙරිකා ගුවන්සේවා බලධෘරීහු පවසති.
මෙම තත්ත්වය යටතේ ජනතාවට සංචාරය කිරීමෙන් වළකින ලෙසට ප‍්‍රාන්ත බලධාරීන් උපදෙස් දී ඇත. හිම කුණාටු හේතුවෙන් ඇතැම් ප‍්‍රදේශවල විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති අතර ඉන් ලක්ෂ දෙකක පමණ ජනතාව අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වේ.
ඇල්බියන්, ඉලිනොයිස්, ඉන්දියානා ඇතුළු ප‍්‍රාන්ත රැුසකින් අධික හිමපතනයක් වාර්තාව වන අතර මෙම අයහපත් කාලගුණික තත්ත්වය ඉදිරිදින කිහිපයේදීත් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසා විසින් විනාශ කරන පරිසරය මිනිසාටම එරෙහි වී ඇත. (නි)
අපේ රටේ අයහපත් කාලගුණය ඉක්මනින් යහපත් අතට පත් වේවා කියා, කියන්න කෙනෙක් නැහැ.බලන්න මොනතරම් කරුමයක්ද කියා නේද? (ස)
සරත්, හොදට හිතලා බලන්න. මට වඩා ඵය ඔබට හොදට ගැළපෙනවා. (නි)
අයහපත් කාලගුණය ඉක්මනින් යහපත් වේවා (ස)
සිල්වාට යන්නේ කොහේද? මල්ලේ පොල්. (නි)
සිල්වා, මොකද ඔයතරම් ඇමරිකාවත් එක්ක තරහා? (නි)
අයහපත් කාලගුණයත් සමග මානුෂික හැගීම් පෙරදැරි කරගෙන කටයුතු කිරීමට දැන් කාලය එළඔ ඇති බව නායකයින් දැනගනිත්වා! (නි)