උතුරු කොරියාව සිය ප‍්‍රහාරක අවි යුද්ධයකට සූදානම් අයුරින් ස්ථානගත කර ඇති බවත් ඒ්වා සූදානම් කර ඇත්තේ ඇමෙරිකාවට අයත් හවායි හා ගුවාම් යන දූපත්වලට ප‍්‍රහාර එල්ල කිරීමේ අරමුණින් බවත් උතුරු කොරියා හමුදාව පවසයි.
කොරියා මහජන හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියා ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ආසියා පැසිෆික් කලාපයේ ඇමෙරිකා හමුදා කඳවුරු පිහිටි හවායි හා ගුවාම් යන දූපත්වලට පහරදීමට තම හමුදාව සූදානමින් සිටින බවයි.
ඉකුත් දෙසැම්බර් මාසයේදී රොකට්ටුවක් අභ්‍යවකාශගත කිරීමට උතුරු කොරියාව සමත්විය. නමුත් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් චෝදනා කරන්නේ එය රොකට්ටුවක් නොව දිගු දුර මිසයිලයක් බවයි.
මේ අතර, ඇතැම් න්‍යෂ්ටික විශේෂඥයන් පවසන්නේ උතුරු කොරියාව ඇමෙරිකාවට ප‍්‍රහාර එල්ල කළ හැකි අන්තර් මහාද්වීපික බැලස්ටික මිසයිලයක් නිපදවා ඇති බවයි.
උතුරු කොරියාව සතු මැදි දුර මිසයිලවලට ඇමෙරිකාවට අයත් හවායි හා ගුවාම් යන දූපත්වලට ළඟාවීමට නොහැකි නමුත් දකුණු කොරියාවට හා ජපානයට ළඟාවීමට හැකියාව ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඇමෙරිකාවට පහරදෙන බවට උතුරු කොරියාව මෙසේ අනතුරු ඇඟවූයේ දකුණු කොරියාව හා ඇමෙරිකාව අතර පෙරේදා යුද කටයුතු සම්බන්ධයෙන් වූ ගිවිසුමකට අස්සන් තැබීමෙන් පසුවයි. දකුණු කොරියාව යුද්ධයකට මැදි වූවහොත් අතිරේක බලසේනා ලබාදීමට ඇමෙරිකාව එම ගිවිසුමෙන් සිය එකඟතාව පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අපිට බලපාන දෙයක්. කොරියා යන අපේ කොල්ලන්ට වෙන්නේ මොකක්ද? ඒක රටේ ආර්තිකයට බලපානවා. අනෙක මේ පොඩි කොල්ලන්ට තීරණ ගන්න දුන්නම ඔහොම තමයි. අදි තක්සේරුවක්. හදවතින් තීරණ නෙගෛන ඔළුවෙන් තීරණ ගන්න.(නදී)
ඕක වැරදිලා අනිත් පැත්තට ආවොත් ලංකාව සුන් (ස)
ඔබාමව ටිකක් බය කළොත් ඇති. නින්ද නොයන්න. උතුරු කොරියාවට සුභ පැතුම්.(නදී)
උතුරු කොරියාවට ජයවේවා!(නදී)
කොරියාවට මගේ සුභ පැතුම්.(නදී)
කොල්ලගේ මොලේ හරිම පොඩියි. ඇමරිකාවට ගහලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා. බය වෙන්න එපා උතුරු කොරියාවට ලංකාවක් උදව් කරනවනේ. කොටි පරාද කරපු අපිට ඇමරිකාව කජ්ජක්ද?(නදී)
මොනවා වෙන්න යනවාද මන්දා (දී)
ලෝක යුද්දයක් වන්න කලින් නවත්වන්න (දී)
ඇමරිකාව හැම එකකටම හොට දානවා. පොඩි රටකින්ම තමයි හොදට කන්නේ දවසක. (නි)
මග හැලෙන්නෙ නැතුව හරියටම ටාගට් එකට ගහන්න පුලුවන් නම් හොඳයි ඉතිං (නි)
බොරුවට තර්ජන දදා ඉන්නෙ නැතුව ගහනවා නම් ගහන්නකෝ. (නි)
අපේ රටේ අභ්‍යන්තර වැඩ වලට ඇගිලි ගහන, යුධ අපරාද චෝදනා නගන ඔය ඇමරිකාවට පාඩමක් උගන්වනවා නම් අපිත් කොන්ද පන තියෙන උතුරු කොරියාවට ජය පතනවා.(නදී)
දෙවන ලෝක යුද්ධෙයෙදි ජපානේ අයත් ඔහොම තමයි හිතුවේ. අන්තිමට එයාලට සිද්ධ වුනේ කොන්දේසි නැතුවම ඇමරිකාවට යටත් වෙන්නයි.(නදී)
මම උතුරු කොරියාව පැත්තේ (දී)
දැම්ම මේ ප්‍රශ්නය විසදා ගන්න (දී)
ඇත්තටම නොගැහුවත් ගහන්න පුළුවන් කියලා හරි කියන්න එයාලට ශක්තියක් තිබෙන එකම ලොකු දෙයක්. (නි)
අපේ අය නම් කියනවා විතරයි. වැඩ නැහැ. (නි)
කොන්ද පණ තිබුණට මදි. මොළයත් තිබිය යුතුයි. (නි)
මට නම් මතක් වෙන්නේ අර හරකෙක් තරම් පිම්බෙන්න ගිය ගෙම්බගේ කතාව.(නදී)
සාවදානව හිටියොත් හොදයි (දී)
වෙන්න බැහැ (දී)
ලෝකයේ තිබෙන දුප්පත්ම රටවල් දහයෙන් එකක් තමයි මේක. (නි)
ලෝකයේ අඩුම වැටුප් ලබන මිනිස්සු ඉන්න රටනේ මේ ලෝකයටම ගහන්න කතා කරන්නේ? (නි)
මානසික උන්මාදයෙන් සහ බලකාමයෙන් ඔද්දල් වූ විට මෙවැනි භයානක තීරණ ගන්න මිනිස්සු පෙළඹෙනවා. (නි)
උතුරුට අපේ ප්‍රනාමය . දකුණට අපේ විරෝධය.(නදී)
ඉල්ලගෙන කන්න හදනවද මන්දා? (නි)
ඇත්තටම යුද්ධයක් ඇති වුනොත් දකුනු කොරියාවේ වැඩ කරන අපේ කොල්ලන්ට මොකද වෙන්නේ.(නදී)
අද පොඩි එකා ලොකු එකාව ගිලගන්න කාලය පැමිණ ඇති බව ඔබලා නොදන්නෙහිද? (නි)
උතුරු කොරියාව දුප්පත් රටක් වුනේ ඔය යුද්ධය නිසයි. ඇමරිකාවට ගහන්න අමාරු වුනත් උතුරු කොරියාව යුධමය ශක්තියෙන් ඉතා ඉහළයි. මේ අයවත් ඇමරිකාවට පාඩමක් ඉගැනුව්වොත් හොදයි.(නදී)
කාටවත් ඇමරිකාව සමග සටන් කර දිනන්න බැහැ. (නි)
එකම රටක නෑදෑයෝ දෙකට බෙදී කරන මෙවන් වැඩ වලින් අහිංසක උතුරු කොරියාව අසරණ වෙනවා. (නි)
කොරියාවට අපේ පුර්ණ සහයෝගය.(නදී)
මේ අවුරුදු 28 මෝඩ කොලුව නිසා ලොක යුද්දයක් එයිද මන්දා?(නදී)
අපි වගේ පොඩි රටවල් තමයි ඉතින් තැලෙන්නේ (දී)
ශ්රී ලංකාවයි, මැද පෙරදිගයි ඇමරිකන් විරෝධී අනෙක් රටවලුයි එකතුවෙලා ඇමරිකාවට ගහලා අභිමානවත් ආස්චර්යක් බිහි කරමු.(නදී)
මට ඇහුනේ නැහැ නැවත කියන්න (දී)
කෝනද පණ ඇති රටක්. (නි)