ඕනෑම අවස්ථාවක ඇමෙරිකාවට ප‍්‍රහාරයක් එල්ල කිරීමට තමන්ට ශක්තියක් ඇතැයි උතුරු කොරියාව පවසයි.
උතුරු කොරියා හමුදා වයිස් මාෂල් රී යොං හෝ ඇමෙරිකාවට එම අනතුරු ඇඟවීම කළේ ඊයේ (26) උතුරු කොරියා හමුදාවේ 80 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති හමුදා පෙළපාළියට සහභාගී වූ අවස්ථාවේදීය. යොං හෝ වැඩි දුරටත් කියා සිටියේ ඇමෙරිකාවට පහර දීමට ප‍්‍රබල අවි ආයුධ තම හමුදාව සතුව ඇති බවය.
උතුරු කොරියාව තෙවැනි වරටත් න්‍යෂ්ටික අවියක් අත්හදා බැලීමට සූදානමින් සිටින බව ද යොං හෝ එම අවස්ථාවේදී තහවුරු කළේය.
ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සම්බාධක පනවා උතුරු කොරියාව ලොවෙන් හුදෙකලා කර ඇත්තේ ඔවුන් මීට පෙර සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම් නිසාය. ඇමෙරිකාව තරයේ කියා සිටින්නේ උතුරු කොරියාව ලොවට තර්ජනයක් බවය.
මේ අතර දකුණු කොරියාව සමඟ එක් වී ඇමෙරිකාව තම රටට එල්ල කරන තර්ජන තවත් ඉවසා සිටිය නොහැකි යැයිද රී යොං හෝ පවසයි.
තම හමුදාව සතු අවි ආයුධවලින් එල්ල කරන එක් ප‍්‍රහාරයකින් ඇමෙරිකාව අඩපණ කිරීමට තමන්ට හැකියැයි ද ඔහු අවධාරණය කළේය. එපමණක් නොව තමන්ට එදිරිවාදිකම් කිරීමේ වරදට දකුණු කොරියාව විනාශ කිරීමට ද පසුබට නොවන බව රී යොං හෝ පවසයි.
ඇමෙරිකාව පවසන්නේ උතුරු කොරියාවට ඔවුන්ගේ යුද ශක්තිය වර්ධනය කර ගැනීමට සහාය දෙන්නේ චීනය බවය. උතුරු සහ දකුණු කොරියාව අතර මැදහත්කරුව සිටින්නේ ද චීනයයි.
ඇමෙරිකානුවන් ආසියා කලාපයේ ඔවුන්ගේ බලය වර්ධනය කර ගැනීමට ගන්නා උත්සාහයට චීනය දැඩි විරෝධයක් එල්ල කරයි. මේ වනවිට ඇමෙරිකාව පිලිපීනයත් සමඟ එක්වී පවත්වන යුද අභ්‍යාසයට ද චීනය විරෝධය පළ කර ඇත.
මීට සති කිහිපයකට පෙර, උතුරු කොරියාව රොකට්ටුවක් ආධාරයෙන් චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. ඇමෙරිකාවත් දකුණු කොරියාවත් ජපානයත් එම අවස්ථාවේදී තරයේ කියා සිටියේ උතුරු කොරියාව න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බැලීමට උත්සහ කළ බවය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙගොල්ලොම එකයි නේද ? අහවල් දේකට බෙදිලද ? එකා වන්ව සිටියනම් මොනතරම් බලයක්ද ? ඒක තේරුම් ගන්න හොදම කාලය දැන්. දේශපාලනය තමයි හැමටම මුල.
ඇල්බට් අයින්ස්ටයින් කියලා තියෙන්වලු 3 වන ලෝක යුද්ධයක් ඇතිවුනොත් ඒක තියෙන්නෙ ටික කාලයයි, නමුත් 4 වන ලෝක යුද්ධයේදි මිනිස්සු සටන් කරන්නෙ ගල් මුල් වලින් කියල...
හැබැයි මහජනතාව බඩගින්නේ නේද ?
ඉවසනවා කියලා හැමදාමත් ඉවසන්න පුළුවන්ද?
කියකියා ඉන්නේ නැතිව වැඩේ කළා නම් හරි නේද?