IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඇමෙරිකාවට පහර දෙන්න ප‍්‍රබල අවි අපට තිබෙනවා

ඕනෑම අවස්ථාවක ඇමෙරිකාවට ප‍්‍රහාරයක් එල්ල කිරීමට තමන්ට ශක්තියක් ඇතැයි උතුරු කොරියාව පවසයි. උතුරු කොරියා හමුදා වයිස් මාෂල් රී යොං හෝ ඇමෙරිකාවට එම අනතුරු ඇඟවීම කළේ ඊයේ (26) උතුරු කොරියා හමුදාවේ 80 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති හමුදා පෙළපාළියට සහභාගී වූ අවස්ථාවේදීය. යොං හෝ වැඩි දුරටත් කියා සිටියේ ඇමෙරිකාවට පහර දීමට ප‍්‍රබල අවි ආයුධ තම හමුදාව සතුව ඇති බවය. උතුරු කොරියාව තෙවැනි වරටත් න්‍යෂ්ටික අවියක් අත්හදා බැලීමට සූදානමින් සිටින බව ද යොං හෝ එම අවස්ථාවේදී තහවුරු කළේය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සම්බාධක පනවා උතුරු කොරියාව ලොවෙන් හුදෙකලා කර ඇත්තේ ඔවුන් මීට පෙර සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම් නිසාය. ඇමෙරිකාව තරයේ කියා සිටින්නේ උතුරු කොරියාව ලොවට තර්ජනයක් බවය. මේ අතර දකුණු කොරියාව සමඟ එක් වී ඇමෙරිකාව තම රටට එල්ල කරන තර්ජන තවත් ඉවසා සිටිය නොහැකි යැයිද රී යොං හෝ පවසයි. තම හමුදාව සතු අවි ආයුධවලින් එල්ල කරන එක් ප‍්‍රහාරයකින් ඇමෙරිකාව අඩපණ කිරීමට තමන්ට හැකියැයි ද ඔහු අවධාරණය කළේය. එපමණක් නොව තමන්ට එදිරිවාදිකම් කිරීමේ වරදට දකුණු කොරියාව විනාශ කිරීමට ද පසුබට නොවන බව රී යොං හෝ පවසයි. ඇමෙරිකාව පවසන්නේ උතුරු කොරියාවට ඔවුන්ගේ යුද ශක්තිය වර්ධනය කර ගැනීමට සහාය දෙන්නේ චීනය බවය. උතුරු සහ දකුණු කොරියාව අතර මැදහත්කරුව සිටින්නේ ද චීනයයි. ඇමෙරිකානුවන් ආසියා කලාපයේ ඔවුන්ගේ බලය වර්ධනය කර ගැනීමට ගන්නා උත්සාහයට චීනය දැඩි විරෝධයක් එල්ල කරයි. මේ වනවිට ඇමෙරිකාව පිලිපීනයත් සමඟ එක්වී පවත්වන යුද අභ්‍යාසයට ද චීනය විරෝධය පළ කර ඇත. මීට සති කිහිපයකට පෙර, උතුරු කොරියාව රොකට්ටුවක් ආධාරයෙන් චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. ඇමෙරිකාවත් දකුණු කොරියාවත් ජපානයත් එම අවස්ථාවේදී තරයේ කියා සිටියේ උතුරු කොරියාව න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බැලීමට උත්සහ කළ බවය. උතුරු කොරියාව යුද ශක්තිය ප‍්‍රදර්ශනය කරමින්.... උතුරු කොරියාව ඇමෙරිකාවට කළ අනතුරු ඇඟවීමත්, යළිත් වරක් න්‍යෂ්ටික අවියක් අත්හදා බලන බව නිවේදනය කිරීමත් සමඟ ඊට විරෝධය දක්වමින්, දකුණු කොරියානුවෝ ඊයේ (26) උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ ඡායාරූපවලට ගිනි තබමින් සෝල් අගනුවර විරෝධතාවක් පැවැත් වූහ.



අදහස් (0)

ඇමෙරිකාවට පහර දෙන්න ප‍්‍රබල අවි අපට තිබෙනවා

චන්දවිමල හිමි Friday, 27 April 2012 09:45 AM

මේ දෙගොල්ලොම එකයි ‍නේද ? අහවල් දේකට බෙදිලද ? එකා වන්ව සිටියනම් මොනතරම් බලයක්ද ? ඒක තේරුම් ගන්න හොදම කාලය දැන්. දේශපාලනය තමයි හැමටම මුල.

:       0       0

සුපුන් ලක්ෂාන් Sunday, 29 April 2012 09:22 PM

ඇල්බට් අයින්ස්ටයින් කියලා තියෙන්වලු 3 වන ලෝක යුද්ධයක් ඇතිවුනොත් ඒක තියෙන්නෙ ටික කාලයයි, නමුත් 4 වන ලෝක යුද්ධයේදි මිනිස්සු සටන් කරන්නෙ ගල් මුල් වලින් කියල...

:       0       0

එස්.එල්.ටී.කේ. Friday, 27 April 2012 05:19 PM

හැබැයි මහජනතාව බඩගින්නේ නේද ?

:       0       0

ගීත් Monday, 30 April 2012 01:46 AM

ඉවසනවා කියලා හැමදාමත් ඉවසන්න පුළුවන්ද?

:       0       0

මකරා Monday, 30 April 2012 08:26 AM

කියකියා ඉන්නේ නැතිව වැඩේ කළා නම් හරි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site