
ඇමෙරිකාව සමඟ හෝ ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වන ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ හෝ ගැටුම් ඇති කර ගැනීමෙන් වළකින බවත්, ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියුට් එඩ්ජ් පවසා ඇත.
ග්‍රීන්ලන්ත අගමැතිවරයා මෙසේ පැවැසුවේ, ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ කතාබහක් නිර්මාණය වී ඇති අවස්ථාවකය. යළිත් වරක්, ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම පවසා ඇත්තේ ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට අවශ්‍ය බවත්, ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට තමන් සූදානම් බවත්ය.
ග්‍රීන්ලන්තය යනු ලොව විශාගතම දූපතය. එය පිහිටා ඇත්තේ උතුරු ඇමෙරිකාව සහ යුරෝපය මධ්‍යයේය. ට්‍රම්ප් පෙන්වා දෙන්නේ, ග්‍රීන්ලන්තය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට අවශ්‍ය බවය.
ග්‍රීන්ලන්තය ස්වයං පාලනයක් ඇති දූපතක් වුවත්, එය අයිති ඩෙන්මාර්කයටය. ට්‍රම්ප් දිගින් දිගටම ග්‍රීන්ලන්තය මිලදී ගන්න බව පැවැසීම ඩෙන්මාර්කයේ ද දැඩි විරෝධයට හේතුවක් වී ඇත.
ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියුට් එඩ්ජ්, තරයේ පවසා ඇත්තේ, ග්‍රීන්ලන්තය විකිණීමට දමා නැති බවත්, ග්‍රීන්ලන්තය ගැන තීන්දු තීරණ ගන්නේ ග්‍රීන්ලන්ත වැසියන් බවත්ය.
කෙසේ නමුත් ආරක්ෂක කටයුතුවලදීත්, පතල් කැණීම් සම්බන්ධ කටයුතුවලදීත් ඇමෙරිකාව සමඟ දිගටම සහයෝගයෙන් කටයුතු කරන බව ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියුට් එඩ්ජ්, පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1318
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකාව සමඟ ගැටෙන්න සූදානම් නෑ
fairoos Tuesday, 14 January 2025 11:51 AM
ට්‍රම්ප් ට ඕනේ නැති මගුලක් නැහැ
ජිල්බු Tuesday, 14 January 2025 11:04 PM
ට්‍රම්ප්ට කලින් මගුල් දෙකක් විතර මුලින් ඕන වෙලා පස්සෙ එපා උනා. මේ තුන්වෙනි එකද කොහෙද. මේකත් ඕන නැති මගුලක් වෙයිද දන්නෑ, පයිරූස්!
තුෂාර Tuesday, 14 January 2025 05:10 PM
ලංකාවට ආස නැද්ද ට්‍රම්ප්?
Alfread Wednesday, 15 January 2025 12:45 PM
ලංකාවට ආස නිසා තමයි රටේ ආර්ථිකය විනාශ කරවලා, අරගලයක් කරලා, ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට හිටපු නායකයා එලවලා, පචපති සෙට් එකක් ගෙනාවෙ. හිතන්න එපා උන් ලංකාවේ බලය ගත්තොත් ලංකාව උන්ගෙ රට වගේ හදාවි කියල. උන්ට ඕන හයිටිය වගේ රටක් හදා ගන්න.