ඇමෙරිකාව සමඟ පවත්වන ඇයිහොඳයිකම් නවත්වන්නේ නම්, සාම සාකච්ඡාවලට සූදානම් යැයි පාකිස්තාන තලේබාන් නායක හකිමුල්ලා මෙසූඞ් පවසයි.
මෙසූඞ් මේ බව කියා සිටියේ වීඩියෝ පටයක් අන්තර් ජාලයට මුදා හරිමිනි. කෙසේ නමුත් අවි බිම තැබීමක් ගැන තලේබාන් නායකයා පවසා නැත.
වසර 10 කට වැඩි කාලයක් තිස්සේ පවතින ගැටුම් නවත්වා පවතින අර්බුදයට දේශපාලනික විසඳුමක් සෙවීමට තමන් සූදානම් බව තලේබාන් නායකයා අවධාරණය කර ඇත.
තලේබාන් නායක හකිමුල්ලාගේ එම ප‍්‍රකාශයට පාකිස්තාන රජය තවමත් ප‍්‍රතිචාර දක්වා නොමැති නමුත්, පාකිස්තානයේ කි‍්‍රයාත්මක ඉස්ලාමීය සටන්කාමීන් සමඟ සාම සාකච්ඡුා පැවැත්වීමට රජය උනන්දුවක් දක්වන බව වාර්තා වෙයි.
මේ අතර ඇෆ්ගන් රජය සහ එරට කි‍්‍රයාත්මක තලේබාන් සටන්කාමීන් අතර මේ වනවිට ඇරැඹී ඇති සාම සාකච්ඡුා සාර්ථක කර ගැනීමට පාකිස්තාන රජයේ සහාය නොඅඩුව හිමි වන බව පාකිස්තාන හමුදාපති ජනරාල් අෂ්ෆාක් කයානී පවසා ඇත.
2014 වසරේදී ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් කොට ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට නියමිතය. විදෙස් හමුදා එසේ පිටවී යන්නේ ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක කටයුතු සඳහා ඇෆ්ගන් ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමෙන් පසුවය. ඇෆ්ගන් ආරක්ෂක අංශ පුහුණු කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.
2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇමෙරිකාව සමඟ ඇයිහොඳයිකම් නැවැත්තුවොත් සාම කතාවලට සූදානම්
ෂිරාස් Monday, 31 December 2012 02:00 PM
හොඳ පුවතක් (ස)