IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


'ඇමරිකාව සීතල යුද්ධයකට අපව තල්ලු කරනවා'

ඇමෙරිකා එක්සත් ජනපදය" චීනය සමඟ පවතින සබඳතා ‘‘නව සීත යුද්ධයකට’’ තල්ලු කරමින් සිටින බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අද (24) පැවසීය.

නව කොරෝනා වයිරසය, හොංකොං හි තත්ත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෑත කාලයේ ඇමෙරිකාවත් චීනයත් අතර පවතින සබඳතා නරක අතට හැරී ඇත.

‘‘ඇමෙරිකාවේ ඉන්න ඇතැම් දේශපාලන බලවතුන් චීන-අමෙරිකා සබඳතා ප්‍රාණ ඇපයට අරගෙන. එය අපේ අවධානයට යොමු වී තිබෙනවා. ඒ තත්ත්වය නිසා දෙරට අතර නව සීත යුද්ධයක් ඇති වෙන්න පුළුවන්’’ යැයි චීන විදේශ අමාත්‍යවරයා කීය. 

ඒ.එෆ්.පී. 

055



අදහස් (11)

'ඇමරිකාව සීතල යුද්ධයකට අපව තල්ලු කරනවා'

rambo02 Sunday, 24 May 2020 09:28 AM

ගත්ත ණය ගෙවාගන්න බැරිවුණාම, යුද්ධ ප්‍රකාශ කිරීම ලෝක සහ ඇමෙරිකාවේ සාමාන්‍ය ගති පැවැතුමක්. ඇත්තටම ඇමෙරිකාව චීනයට කොච්චර ණයයිද?

:       241       724

GalaparaMonday, 25 May 2020 04:23 AM

'ඇමරිකාව සීතල යුද්ධයකට අපව තල්ලු කරනවා' නෙමෙයි... චීනය හොර රහසේම සැලසුම් කරන "සේද මාවත සංකල්පය" ලංකා මුහුදු තීරය හරහා ලංකාව ඇතුළු ඉන්දියන් සාගර කුඩා රටවල්වල මුහුදු තිරය බලෙන් හොරාකමින් මේ රටවල නායකයන්ට කොමිස් මුදල් දෙමින් චීනය ගෙනයන මේ වැඩපිළිවෙලට ඇමෙරිකාවේ යුද ශක්තිය චීනයට ලොකුම ප්‍රශ්නයක්. ඇමෙරිකාවේ මේ යුද ශක්තිය කොරෝනා වලින් නැත්තට නැතිවුණු ලංකාව ඇතුළු කුඩා රටවල් වලට චීනයෙන් බේරෙන්න ලොකු සහනයක්...

:       724       740

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 24 May 2020 10:14 AM

අප ඇමරිකාවට පක්ෂව කතා කරනවා නොවෙයි. ඒත්, වයිරසය ඇමරිකානු විද්‍යාඥවරයෙකුට මුදල් දී සාදා ගත් නිසා ඒ විද්‍යාඥයාව ඇමරිකාවෙන් අත්අඩංගුවට ගත්තා. චීනයේ සිට ඇමරිකාවට ශිෂ්‍යත්වයක් ලබා වැඩිදුර ඉගෙනීමට පැමිණි චීන කාන්තාව එම වයිරසය අරගෙන චීනයට පැමිණි බවත්, ඉහත ඇමරිකානු විද්‍යාඥයාට විශාල මුදල් චීන රජයෙන් ගෙවූ බවට සාක්ෂි ඇති බවත්, ඇමරිකාව පැවසූවා. එයට චීනය නිහඬව සිටියා මිසක්, සිද්ධියට අදාළ කාන්තාව අත්අඩංගුවට ගත්තේත් නැහැ. ඒවා සත්‍ය ලෙස ඔප්පු කරන ලෙස ඇමරිකාවට අභියෝගයක් කළේත් නැහැ. ඒ වගේම පසුගියදා, චීනය ගැන හොඳින්ම දන්නා ඕස්ට්‍රේලියානු වයෝවෘද්ධ මහාචාර්ය වරයෙකුද, මේ වයිරසය පිටවුනේ චීනයේ රසායනාගාරයක් තුළින් බව ලොවට හෙළිකළා. එයටත් චීනය පිළිතුරු දුන්නේ නැහැ. තමන්හට චෝදනාවක් අාවහම ඒකට පිළිතුරු නොදී නිහඬව සිටීම වරද පිළිගැනීමක් බවට අධිකරණයත් පිළිගන්නවා. චීනය මේ වයිරසය වඩාත් දියුණුකොට නිපද වූ බව සිතෙනවා. එය ලොව මහා බලවතා වීමට හා ලොවම තම අණසකට යටත්කොට ගැනීමට යයි කියා කාට හෝ සිතුණොත්, එහි වරදක් තිබේද? නැත...

:       329       1013

මුණසිංහMonday, 25 May 2020 02:54 AM

ඔබ දක්වා ඇති තොරතුරු පහුගිය කාලේ පළවූ ප්‍රවෘත්ති තමයි. නමුත් මෙතන දේශපාලනික ප්‍රශ්නයක් ඇතැයි සිතනවා. චීනය දැනට එය ඉතා හොඳින් පාලනය කර ඇති බව කවුරුත් දන්නවා. ඒකට කාගෙවත් උදව් චීනයට දුන්නේ නැහැ. තනියමයි එය කලේ. ඒ කාලයේ ඇමරිකාව චීනය දෙස බලා හිනා වුණා. සමහර රටවල් ඒ අභියෝගයට සූදානම් වුණත් ඇමරිකාව චීනය අවඥාවට ලක්කළා. දැනටත් ඇමරිකාව හැසිරෙන විදියෙන් මේ වෛරසය පාලනයට අවශ්‍යතාවයක් නැති බව පේනවා. ට්‍රම්ප් තව ටික කලකින් ජනාධිපතිවරණයට මුහුණ දෙනවා. ඒකෙන් ගොඩඑන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා.

:       323       348

සමිත සේනක අලුත්ගමගේ.Monday, 25 May 2020 07:29 AM

ලෝකය තොරතුරු දැනගන්නේ ප්‍රවෘත්ති තුළින් තමයි. ඔබට එහි අමුතුවෙන් කීමට දෙයක් නැහැ. මෙතන කිසිම දේශපාලන ප්‍රශ්නයක් නැහැ. ඒවා චීනාව බේරාගන්න හදන හිතළු කතා. බුද්ධිමතුන් ඒ වැනි විකාර පිළිගන්නේ නැහැ. පිළිගන්න පුළුවන් තර්කයක් දෙන්න. ඔබ නොදන්නවාට, WHO එකේ ලොක්කා පෙරදී කිව්වා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස පැතිරෙන්නේ නැති බව. එය විශ්වාස කොට ඇමරිකාව සහ තවත් රටවල් අමාරුවේ වැටුණා. ඒ පදනම් විරහිත කතාව නොවෙන්නට ලෝකය ලෙඩේට ආරක්ෂාකාරීව මුහුණ දෙනවා. WHO ලොක්කා චීනයට ඇදලා මෙසේ කී බවට පසුව ඔහුට චෝදනා එල්ල වුණා. මා දක්වා සිටියේ බුද්ධිමතුන්ගේ බුද්ධිය අවධිකරවන ප්‍රකාශයක්. ඒත්, ඔබ කිසිදු පදනම් නැතිව ප්‍රකාශයක් කරනවා. ඒ වයිරසය ලෝකෙට ගෙනාපු චීනාව නිදොස් කරගැනීමේ උත්සාහයක යෙදෙනවා. චීන අන්තවාදයෙන් මිදී සත්‍ය ගැන පමණක් සිතන්න. මා ඇමරිකානු ගැත්තෙකු නොවන බවත්, සිහියේ තබා ගන්න.

:       167       710

මුණසිංහTuesday, 26 May 2020 02:34 AM

සමිත, මම කී දේ අැත්ත බව ඔබ කියන දෙයින් පැහැදිලි වෙනවා. හැම විටම අැමරිකාව හිතන්නේ එයා බලවතා කියලා. එ් නිසා තමා මේ ප්‍රශ්න මැද්දෙත් යුද නැවක් චීනය අාසන්නයට යැව්වේ. නමුත් ලෝකයේ සියලුදෙනා අකමැත්තෙන් වුවත් පිළිගන්නවා.. චීනය උපක්‍රමශීලිව ලෝකයම අල්ලාගෙන ඉන්නවා කියලා. අැමෙරිකා වත්කම් බහුතරයක් තිබෙන්නේ චීනයේ. එය යහපත් දෙයක් නොවන බවත් ලෝකයම දන්නවා. ඔය කියන දේශපාලන ගැටුම හැම ක්ෂේත්‍රයකටම දැන් විහිදුවලා.

:       0       14

Buddhika PTuesday, 26 May 2020 08:35 AM

කොරෝනා ට්‍රම්ප්ගේ තවත් එක අසාර්ථක ව්‍යාපෘතියක් විතරයි. ට්‍රම්ප් තමයි මෑත දශක කීපය තුළ පහළ වූ අසාර්ථකම පාලකයා. ඔහු කලේ ඇමෙරිකාවේ මොන ප්‍රශ්නේ ආවත් කාටහරි දොස් පවරලා ඇඟ බේරගන්න එක. ඡන්දෙදි වුණත්, සෙනෙට් එකයි කොංග්‍රස් ගැටුමක් වුණත් අල්ලගන්නේ රුසියාව. කොරෝනා ගැන මුළු ලෝකෙටම තිබුනේ එක සමාන දැනුමක්... බටහිර රටවල මේක වේගෙන් පැතිරෙන්නේ, ඒ මිනිසුන්ට තියෙන්නේ ඉතාම සමාජශීලී ජීවිත. අපි සවස 6 වෙනකොට නිදාගන්න ලෑස්ති වෙලා ඉන්නේ. මෙහෙ මිනිස්සුන්ගේ ජීවිත ආයිත් පටන් ගන්නවා... රෑ 7 - 8 වෙන කොට. WHO එකවත් මේ ගැන හරියට තක්සේරුවක් තිබුනේ නෑ. සෞදිය කශෝගී කියන මාධ්‍යවේදියා තුර්කියේ සවුදි එම්බසි එකේදී අල්ලා පණපිටින් මස් කරලා ගෙනාවා. ට්‍රම්ප් මොනවද කිව්වේ?, මගේ ඩොලර් ට්‍රිලියන තුනක ආයුධ වෙළඳාම තියාගන්න එක මට ලොකුයි කිව්වා. ට්‍රම්ප් හිතුවා උතුරු කොරියාව තමන්ගෙ කටින් බය කරලා, චන්දෙට යන්න. කිම් නිකමටවත් ට්‍රම්ප් ගණන් ගන්නේ නෑ. තමන් ගෙනාපු එක බිල්එකක් වත් පාස් කරගන්න බැරි වුණා. මිනිහ කලින් රෙස්ලින් බිස්නස්කාරයෙක් නිසා, ඒ න්‍යාය වලින් වැඩ කරන්න ගිහින් හැමදේම, හත් පොලේ ගාගත්තු කෙනෙක්...

:       0       0

රවින් Sunday, 24 May 2020 10:17 AM

ඔය කියන රටේ නායකයා තම මානසික ව්‍යාකූලත්වය පිළිබඳව ඉතා හොඳ ආත්ම ගවේෂණයක් කර ඇත්තෙක්... ඒ හින්දා කෝකටත් කියලා සූදානම් වෙන එකනම් හොඳයි.

:       9       22

SUNIL PERERA Sunday, 24 May 2020 06:35 PM

ඇමෙරිකාව විතරක් නොවෙයි. මේ ව්‍යසනය අහවර උනාම !! ලෝකයේ නොයෙක් බලගතු රටවල් මෙන්ම තවත් වෙනත් රටවල් වල දෝෂාභියෝගයන්ට සහ ලෝකයටම වන්දි ගෙවීමට චීනයට සිදුවනු ඇති. මුළු ලෝක ප්‍රජාවම විනාශ මුඛයට ඇද දැමු චීනය අතිශයින් ලජ්ජාවිය යුතුයි. කර්මානුකුලවද ඔවුන්ට ගැලවීමක් ද නැහැ. ඔවුන් මේ පැතිර යාම වැළැක්වීමට පියවර නොගැනීම අතිශයින්ම අමානුෂික ක්‍රියාවක්.

:       55       410

ගඩාෆි Sunday, 24 May 2020 08:20 PM

ඔය සීතල ඉවසන්න පුළුවන්... ඒ නිසා අපි ඕක ඉක්මණින් උණුසුම් කරමු... ඒක කරලා ඔය හදපු පරමාණු බෝල 10 ක් 20 ක් දාලා බලමු...

:       6       106

sunil Monday, 25 May 2020 02:10 AM

චීනය මීට පෙරත් "සාර්ස්" වසංගතය ලොව පුරා පැතිරවුවා. මෙවරත්, වගකීමකින් තොරව "කොවිඩ්" වසංගත ලොවපුරා පතුරවා මිනිස් ජීවිත දහස් ගණනින් නැති කළා. අද මේ වසංගත නිසා බොහෝරටවල මිනිසුන් තම ජීවනෝපාය කරගත නොහැකිව අසරණ වී සිටිනවා. චීනය මේ තත්වයට වගකිව යුතු අතර, ඒ සඳහා යම් දඬුවමක් විඳීමට සූදානම් විය යුතුයි.

:       51       410

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 89 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 272 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site