සැන්ඩි සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ උතුරු කැරොලිනා සිට ඉලිනෝයි ජනපදය තෙක් ජනපද 21 ක, ලක්‍ෂ අසූවක ජනයා විදුලි බලය නොමැතිව තවමත් පීඩා විඳින බව බලධාරීහු පවසති.
කුණාටුවෙන් දරුණු හානි සිදුවූයේ නිව්යෝක් නුවරට සහ නිව්යෝක් ප‍්‍රාන්තයටයි. කුණාටුවේ බලපෑම් හේතුවෙන් නිව්යෝර්ක් නුවර 18 දෙනකු මියගිය බව පුරපති මයිකල් බ්ලූම්බර්ග් පවසා ඇත.
කුණාටුවේ ප‍්‍රබලත්වය මේ වන විට අඩුවෙමින් පවතින නමුත් තවමත්
මහ වැසි ඇදහැළෙමින් පවතී.
කෙසේ නමුත් මේ වනවිට නිව්යෝර්ක් නුවර කටයුතු යළි යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි පුරපති බ්ලූම්බර්ග් වැඩි දුරටත් කියා සිටී.
ඔහු ද ඊයේ (1) විපතට පත් වූවන් හමුවෙමින් ඔවුන්ගේ සුවදුක් විමසා සිටියේය. සහන කඳවුරුවල නැවැතී සිටින ලක්ෂ ගණනක් දෙනාට පහසුකම් සැපැයීම ගැනද සහන සේවකයන් සමඟ සාකච්ඡුා කළේය.
සුළි කුණාටුව හේතුවෙන් නිව්යෝක් නුවර මුළුමනින්ම අඳුරේ ගිලී ගිය නමුත් මේ වනවිට විදුලි බලය නොමැතිව පීඩා විඳින්නේ 1/3 ක නගර වැසියන් පිරිසක් යැයි ද නිව්යෝර්ක් පුරපතිවරයා වැඩි දුරටත් තියා සිටී. එම ප‍්‍රමාණය 1,50,000 කි.
සැන්ඩි සුළි කුණාටුව හේතුවෙන් නිව්යෝර්ක් නුවර ද ඇතුළු ඇමෙරිකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ වනවිට 67 තෙක් ඉහළ ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇමෙරිකාවේ ලක්‍ෂ 80 ක් තවමත් කරුවලේ