ඇමෙරිකාවේ යූටා ජනපදයේ හටගත් මහා ලැව් ගින්නක් හේතුවෙන් දහස් ගණනක් දෙනා ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට ජනපද බලධාරීන්ට සිදුවී තිබේ. ලැව් ගින්න හටගත්තේ ඉකුත් සිකුරාදා (22) රාති‍්‍රයේය. ඊයේ (24) වන විටත් ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයන්ට හැකියාව නොලැබුණු බව වාර්තා වේ. ගින්න හටගත්තේ සෝල්ට් ලේක් නගරයේ සිට සැතැපුම් 40 ක් දුරින් පිහිටි සරාටෝගා ස්පි‍්‍රංග්ස් වන රක්ෂිතයෙනි. වියළි කාලගුණය සහ වියළි සුළං හේතුවෙන් ගින්න පාලනය කළ නොහැකි අන්දමට පැතිර යමින් පවතින බව ගිනි නිවන භටයෝ පවසති. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් දහසක් සහ ජලය ඉසින ගුවන් යානා සහ හෙලිකොප්ටර් 15 ක් යොදා ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැවුගිනි හැමතැනම.කුරුලු කොබෙයි වන සත්තු විශාල ගණනක් ගින්නට අහුවෙලා මැරෙන්න ඇති
දැන්වත් අනුන්ට දුන්න ගිනි වල දුක දැනෙනවද දන්නෑ නේද?
අනුන්ට දෙන ගින්දර එයාලටත් පත්තු වෙලා .