
ඇමෙරිකාව සහ ඉරානය යළිත් වරක් එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගැනී ආරම්භ කළේය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරාන විප්ලවීය ආරක්ෂක බලඇණියේ ඉලක්කවලට පහර දෙන්නැයි ඇමෙරිකන් හමුදා මෙහෙය වූයේ ඉරානයේ හිතුවක්කාරකම් මට්ටු කළ යුතුයි අවධාරණය කරමිණි.
ඇමෙරිකන් හමුදා ඉරානයේ දකුණු දිග ප්‍රදේශවල පිහිටි හමුදා ඉලක්කවලට පහර දුන් බව විදෙස් වාර්තා කළේය. ඇමෙරිකන් ප්‍රහාර හමුවේ, හෝමූස් සමුද්‍ර සන්ධිය මුළුමනින්ම වසා දැමීමට ඉරානය පියවර ගත්තේය.
ඇමෙරිකාව, ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත්, ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් වසා දැමීමටත් පියවර ගැනීමත් සමග ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ඊයේ (10) දිනයේ, එක් බැරලයක මිල ඩොලර් 2 කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගියේය.
ජාත්‍යන්තර දර්ශකයක් වන බ්‍රෙන්ට් තෙල් මිල සියයට 2.47 කින් (ඩොලර් 2.30 කින්) ඉහළ ගොස් බැරලයක් ඩොලර් 95.40 ක් ලෙස සටහන් ව ඇති අතර, අමෙරිකානු ඩබ්ලිව්ටීඅයි තෙල් මිල සියයට 2.89 කින් (ඩොලර් 2.60 කින්) ඉහළ ගොස් බැරලයක් ඩොලර් 92.63 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය, නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තෙල් නැව් සහ අනෙකුත් වාණිජ නෞකා ඇතුළු සියලුම යාත්‍රා සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමන බවය.
සමුද්‍ර සන්ධිය තරණය කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවටද ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු ඇගවීම් කර ඇත.
මේ අතර, ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටය තම ගුවන් කලාපය තාවකාලිකව වසා දැමුණි. මේ හේතුවෙන් කුවේට් වෙත පැමිණීමට තිබූ ගුවන්යානා වෙනත් ගුවන්තොටුපළවල් වෙත හරවා යැවීමට කටයුතු කර ඇති බව සඳහන් වෙයි.
ඊයේ (10) අලුයම කුවේට් සහ බහරේනයේ ඇමෙරිකානු ගුවන් කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් දියත් කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd