ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් පාකිස්තානයේ සිදු කරන මෙහෙයුම් මගීන් පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංඝනය වන බවත්, එම ඩ්‍රෝන යානා එල්ල කරන ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් මියයෑම හරහා ඇමෙරිකාව අමු අමුවේ මානව හිමිකම් කඩන බවත් එක්සත් ජාතීන්ගේ නියෝජිත බෙන් එමර්සන් චෝදනා කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකීමේ සහ ත‍්‍රස්ත මර්දන විශේෂ පර්යේෂණ කමිටුවේ ප‍්‍රධානියා බෙන් එමර්සන්ය. පසුගියදා ඔහු ඇතුළු කණ්ඩායමක් ඇමෙරිකානු ඩ්‍රෝන යානා නිසා පාකිස්තානයේ සිදුවන සිවිල් වැසියන් ඝාතනය වීම් පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පැවැත්වීය.
ඇමෙරිකාව මානව හිමිකම් උල්ලංඝනය කරන බවත්, ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා හමුදා සෙබළුන් සහ සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන් පාකිස්තාන රජයට නොදන්වා එරට ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වී එල්ල කරන ප‍්‍රහාර පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමත් බවත් බෙන් එමර්සන් සහ ඔහුගේ පරීක්ෂණ කණ්ඩායම එළිදැක්වූ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.
පාකිස්තාන රජය කළ ඉල්ලීමකට අනුව එම පරීක්ෂණ කණ්ඩායම පාකිස්තානයේ සිවිල් වැසියන් ඇමෙරිකා හමුදාවේ ඩ්‍රෝන යානා මිසයිල ප‍්‍රහාරවලින් මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරැඹුවේ ඉකුත් ජනවාරියේ සිටය. පරීක්ෂණ කටයුතු සිදුකළේ එමර්සන්ගේ නියෝජිත පිරිසකි.
ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවට අයත් ගෝති‍්‍රක ප‍්‍රදේශය අල් කයිඩා සහ තලේබාන් සටන්කාමීන්ගේ තෝතැන්නක් වී ඇත. ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකානු හමුදා එම සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම් වැඩි කළේ 2009 වසරේ දී ජනපති ඔබාමා බලයට පත් වීමෙන් පසුවය.
දෙවැනි ධුර කාලය සඳහා යළි තේරී පත් වුණු අවස්ථාවේදී ද ජනපති ඔබාමා කියා සිටියේ ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ ඩ්‍රෝන යානා යොදා ගනිමින් කරන මෙහෙයුම් තව තවත් වැඩි කරන බවය.
බෙන් එමර්සන් සහ ඔහුගේ පරීක්ෂණ කණ්ඩායම එළිදැක්වූ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වී ඇත්තේ ඇමෙරිකා ඩ්‍රෝන යානා ප‍්‍රහාරවලින් මේ දක්වා සිවිල් වැසියන් 400 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පාකිස්තාන රජය තමන්ට දැනුම් දුන් බවය. කෙසේ නමුත් තමන් කළ පරීක්ෂණවලින් අනාවරණය වූයේ ඩ්‍රෝන යානා ප‍්‍රහාර 25 කින් පමණක් සිවිල් වැසියන් 200 දෙනකු ජීවිතක්ෂයට පත් ව ඇති බවය.
ඉකුත් සතියේ එමර්සන් පෞද්ගලිකව පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට පැමිණ පාකිස්තාන අගමැති ඇතුළු මැති ඇමැතිවරුන්, ආරක්ෂක සහ බුද්ධි අංශ ප‍්‍රධානීන් හමුවී සාකච්ඡා කළේය. එම හමුව රහසක් ලෙස පැවැති අතර ඒ බව මාධ්‍යවලට හෙළි කළේ පෙරේදා (16) ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවත් හරියට අර දේවාලයේ කපුවා වගෙයි. (නි)
අර අපිට විරුද්ධව කෑගහන නෝනා මේවා ගැන දන්නෙ නැතුව ඇති නේද? (නි)
කපුවා දේවාලේ මලපහ කරනවෝ.(නදී)
මේවා ගැන කතා කරන්නවත් පෙන්නේවත් නැහැ (දී )
නැතුව. ඒ කට්ටියට පෙන්නේ ලංකාව හුවක් කියුවොත් තමයි ලොකුවට පෙන්නේ, ඉන්දියාවේ අපේ හමුදුරුන්ට ගහනවා, කට අරින්න කවුරුත් නැහැ (දී)