ඇමෙරිකා රජය නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගෙන, තම රටේ ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වී ඔත්තු බැලීමෙන් අන්තර් ජාතික නීති උල්ලංගනය කරන බවත් ඊට විරෝධය පළ කරමින් ඇමෙරිකාවට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත් ඉරාන රජය නිවේදය කරයි. ඉරානය මේ බව පැවැසුවේ මීට දින කිහිපයකට පෙර ඉරාන ගුවන් සීමාවට හොරෙන් ඇතුළු වූ කුඩා ප‍්‍රමාණයේ ඇමෙරිකානු ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් අල්ලා ගැනීමටට සමත් වීමත් සමඟය. අල්ලා ගත් එම යානය බෝයිං සමාගමේ ‘ස්කෑන් ඊගල්’ නමැති කෙටි දුර නිරීක්ෂණ යානායක් බව ද ඉරානය පවසයි. ප‍්‍රමාණයෙන් කුඩා ‘ස්කෑන් ඊගල්’ ඩ්‍රෝන යානයට දුරස්ථ පාලනය යටතේ කිලෝ මීටර් 100 ක දුරක් යා හැකිය. ඉරාන රජය පවසන්නේ එම යානය ගල්ෆ් මුහුදේ රඳවා ඇති ඇමෙරිකානු යුද නැවක සිටි පැමිණෙන්න ඇතැයි කියාය. යානය පැමිණෙන්න ඇත්තේ ඉරානයේ බෂීර් න්‍යෂ්ටික බලාගාරය ගැන ඔත්තු බැලීමට යැයි ඩ්‍රෝන යානය අල්ලා ගැනීමට සමත් වූ ඉරාන විප්ලවීය හමුදාව පවසයි. කෙසේ නමුත් තම හමුදාව සතු ඩ්‍රෝන යානයක් ඉරාන විප්ලවීය හමුදාව අතට පත් වූ බව ඇමෙරිකා රජය ප‍්‍රකාශ කර නැත. මේ සම්බන්ධයෙන් ඉරානය පවසා ඇත්තේ ඇමෙරිකාව ඔවුන් සතුව ඇති ඩ්‍රෝන යානා යළි ගණන් බැලිය යුතු බවත් එවිට එක් යානයක් අතුරුදන් බව ඔවුන් දැනගනු ඇති බවත්ය. මුලදී ප‍්‍රතික්ෂේප කළ ද ඇමෙරිකාව තව දවස් දෙක තුනකින් ඔවුන්ගේ යානයක් අතුරුදන් වූයේ යැයි පවසනු ඇතැයි ද ඉරාන රජය වැඩි දුරටත් කියා සිටී. මීට වසරකට පෙර ඇමෙරිකාව සතු ‘ආර්කිය 170’ සෙන්ටිනල් වර්ගයේ ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් තම පාලනයට ගැනීමට ද ඉරානය සමත් විය. එම යානය ආපසු දෙන්නැයි ඇමෙරිකාව ඉරානයෙන් ඉල්ලීමක් කළ ද ඉරාන රජය ඊට විරෝධය පළ කළේය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවට තමන්ගෙ වැඩක් පාඩුවෙ බලාගෙන හිටියනම් මොකද වෙන්නෙ..? අනුන්ගෙ දේවල් හොයන්න යන්නෙ නැතුව. කෙහොම වුණත් ඉරානය දැන් දැන් ශක්තිමක් වේගන එන එකට සුභ පතනවා. (නි)