IMG-LOGO

ඇමෙරිකාවේ අත්අඩංගුවට පත්වුණොත් විකිලීස්ක් සංස්කාරකට මරණ දඬුවම හිමිවේවි

විකිලීක්ස් සංස්කාරක ජුලියන් ඇසන්ජ් ඇමෙරිකාවේ අත්අඩංගුවට පත්වුවහොත් ඔහුට නිසැකවම මරණ දඬුවම හිමිවනු ඇතැයි එක්වදෝර ජනාධිපති රෆායෙල් කොරයා බිය පළ කරයි. ඇසන්ජ් සම්බන්ධයෙන් ඇමෙරිකාව සාධාරණ නඩු විභාගයක් නොපැවැත්වෙනු ඇති බවත්, තම රටේ රාජ්‍ය සහ හමුදා රහස් හෙලි කිරීමේ වරදට ඇසෙන්ජ්ට මරණ දඬුවම නියම කරනු ඇති බවත් ලතින් ඇමෙරිකානු රටක් වන එක්වදෝරයේ ජනපතිවරයා වැඩි දුරටත් කියා සිටී. ස්වීඩනයට බාර දීමෙන් වැලැකී,  ඕස්ටේ‍්‍රලියානු ජාතිකයකු වන ඇසෙන්ජ් (41) මේවනවිට බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ ආරක්ෂාව ලැබ සිටී. ඔහුට එක්වදෝරයේ දේශපාලන රැුකවරණ ලබා දීමට එරට ජනාධිපති රෆායෙල් කොරයා කැමැත්ත පළ කර ඇත. ඇසෙන්ජ් ස්වීඩනයට බාරදීමට සූදානම් වන්නේ බි‍්‍රතාන්‍ය රජයයි. ඇසෙන්ජ් ස්වීඩනයේ සිටිද්දී කාන්තාවන් දෙදෙනක අපහරණයට ලක් කළේ යැයි චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ස්වීඩනයේ නඩු විභාගයක් පැවැත්වෙයි. එම නඩු විභාගයට පෙනී සිටීමට ඇසෙන්ජ් තම රටට එවන්නැයි ස්වීඩනය ඉල්ලා ඇති අතර ඇසෙන්ජ් ස්වීඩනයට බාර දීමට බි‍්‍රතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. ඇසෙන්ජ් බි‍්‍රතාන්‍යයේ සිටිද්දී, රාජ්‍ය සහ හමුදා රහස් ලොවට හෙළි කිරීමේ වරදට දඬුවම් දී ඔහුගෙන් පළි ගැනීමට ඇමෙරිකාවට නුපුළුවන්ය. ස්වීඩනයට පැමිණියහොත් ඇමෙරිකා රජය තමා අත්අඩංගුවට ගෙන ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට හැකි වනු ඇතැයි ඇසෙන්ජ් පවසයි.



අදහස් (0)

ඇමෙරිකාවේ අත්අඩංගුවට පත්වුණොත් විකිලීස්ක් සංස්කාරකට මරණ දඬුවම හිමිවේවි

පුලස්ථි රාජපක්ෂ Saturday, 01 September 2012 07:07 AM

අපේ ඔය එන්ජීඕ සහ මාධ්‍ය ව්‍යාපාරවලට ඇයි බැරි ඇමරිකානු තානාපති කාර්යාලට ඉදිරිපිට විරෝධතා පාන්න... මාධ්‍ය නිදහසට අත නොතබනු... කියලා.. එහෙම උනොත් එයාලගෙන් ලැබෙන දේවල් නැති වෙන නිසා නේද?(නු)

:       0       0

පාලිත Saturday, 01 September 2012 10:32 PM

එලි කරන්න ඔනේ දේවලුත් තියනවා එපා දෙවලුත් තියනවා....(නු)

:       0       0

දමිත Friday, 31 August 2012 11:10 PM

ඇමරිකා අත්අඩංගුවට පත්වුණොත්නේ ඒ..!!(නු)

:       0       0

සරත් Friday, 31 August 2012 11:10 PM

මේවාට මානවහිමිකම් සංවිධාන බලපාන්නේ නැද්ද?(නු)

:       0       0

සුමනපාල Friday, 31 August 2012 11:10 PM

ජනතාවට සත්‍ය සැපයීම තමයි මෙයා කළ වරද මරණ දඩුවමට ලක්වීමට...!!(නු)

:       0       0

අත්තනායක Friday, 31 August 2012 11:03 PM

මාධ්‍ය සංවිධාන මොහුව ආරක්ෂා කළ යුතුයි..!!(නු)

:       0       0

චන්දුපාල අතලගේ Friday, 31 August 2012 11:10 PM

ජුලියන් අසන්ජ් වරදකරුවෙක් නොවෙයි..ඔහු සිදුකර අත්තේ ලොක් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරුකීමයි..අප ඔහු ආරක්ෂා කළ යුතුයි..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site