තමා ඇමෙරිකානු පුරවැසියකු නම් ලබන නොවැම්බර් හය වැනිදා පැවත්වෙන ඇමෙරිකානු ජනපතිවරණයේ දී ඡන්දය දෙන්නේ ජනපති ඔබාමාට යැයි වෙනිසියුලා නායක හියුගෝ චාවේස් පවසයි.
ඇමෙරිකාව සහ ඇමෙරිකාවේ දේශපාලන ප‍්‍රතිපත්ති විවේචනය කරන චාවේස් මේ බව කියා සිටියේ සෑම සති අන්තයකම පවත්වන සිය දේශපාලන රූපවාහිනී වැඩසටහනට සහභාගී වූ අවස්ථාවේදීය.
ඔබාමා, වෙනිසියුලාවේ කැරකස් නුවර වැඩකරන පංතියේ වැසියකු නම් ලබන 7 වැනිදා වෙනිසියුලාවේ පැවැත්වෙන ජනපතිවරණයේ දී ඔහු තමන්ට ඡන්දය දේවි යැයි ද වෙනිසියුලා නායකයා වැඩිදුරටත් කියා සිටියේය.
ඊට හේතුව තමා සහ ඇමෙරිකා ජනාධිපති ඔබාමා ජනහිත හඳුනන ජනතා නායකයන් යැයි ද චාවේස් පැහැදිලි කළේය.
වෙනිසියුලා ජනපතිවරණයට ඉදිරිපත් වන චාවේස්ට විපක්ෂ නායක හෙන්රීක් කැප්රිලේගෙන් අභියෝගයක් එල්ල වී ඇත.
දේශපාලන ප‍්‍රතිපත්ති හේතුවෙන් සහ ජනපති ලෙස ගත් ඇතැම් තීරණ හේතුවෙන් ඔබාමාගේ ජනපි‍්‍රයත්වය ද මේ වනවිට පහළ වැටී ඇති අතර ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ නායක මිට් රොම්නිගෙන් ඔහුට ප‍්‍රබල අභියෝගයක් එල්ල වී තිබේ.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
809
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇමෙරිකානුවකු වූවා නම් ඡන්දය දෙන්නේ ඔබාමාට
චන්ද්‍රසිරි Tuesday, 02 October 2012 12:51 PM
හොඳ ලිපියක් (ස)
ෂෙරීෆ් Tuesday, 02 October 2012 08:10 PM
ඔබතුමා ලාංකිකයෙක් වෙලා හිටියානම්.... (නි)