IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


ඇමෙරිකන් පාසලක වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

එම 21 දෙනාගෙන් 19 දෙනකු පාසලේ දරුවන් බවත් ඉතිරි දෙදෙනාගෙන් එක් අයකු පාසලේ ගුරුවරියක බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. එම ගුරුවරිය ඊවා මෙරලේස් ය.

වෙඩි තැබීම සිදුවූයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇමෙරිකන් මෙක්සිකෝ දේශසීමාවට සමීපව පිහිටි යුවෙල්ඩේ නමැති කුඩා නගරයේ ප්‍රාථමික පාසලකය.

වෙඩි තැබීම සිදු කර ඇත්තේ 18 හැවිරිචදි ගැටවරයෙකි.

සැල්වදෝර් රමෝස් නමැති ඔහු ටෙක්සාස් පදිංචි ඇමෙරිකන් පුරවැසියකු බව සිද්ධිය සම්බන්ධයෙන් විස්තර මාධ්‍ය වෙත අනාවරණය කරමින් ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් පැවැසීය.

පොලිස් වෙඩි පහරින් සැල්වදෝර් රමෝස් මියගියේය.

සැල්වදෝර් රමෝස් පාසලට කඩා වැදී වෙඩි තැබීමට පෙර, ඔහුගේ අත්තම්මා වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය අනාවරණය කරගත්තේ පසුවය. වෙඩි ප්‍රහාරයෙන් මියගිය දෙවැනි වැඩිහිටි තැනැත්තිය ඇය බව පැවැසෙයි.

ප්‍රහාරය සැලවීමත් සමග තමන් මහත් සේ කම්පනයට පත් වුණු බව විදෙස්ගතව සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.

සැල්වදෝර් රමෝස් ට මෙක්සිකෝවේ පෙම්වතියක සිටින බවත් ඇය ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ඔහු උත්සහ කළ බවත්, එය අසාර්ථක වීමත් සමග ඔහු මෙම අමානුෂික සැහැසි ක්‍රියාවට යොමු වුණු බවත් ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසා තිබේ.

(රොයිටර්)



අදහස් (4)

ඇමෙරිකන් පාසලක වෙඩි තැබීමක්

fairoos Wednesday, 25 May 2022 12:03 PM

මානසික ලෙඩ්ඩු...

:       1       9

ඩෙස්මන්ඩ් ගමගේ Wednesday, 25 May 2022 01:52 PM

ලංකාවේ අපි ඒ අතින් වාසනාවන්තයි. අපිට තියෙන එකම අවුල මේ ජරාදේශපාලකයින් මිසක්.. නැත්නම් ජීවත් වෙන්න හොඳම රට ශ්‍රී ලංකාව තමයි...

:       0       24

පැරකුම්Wednesday, 25 May 2022 04:19 PM

ඩෙස්මන්ඩ් දන්නේ නැද්ද ඔය කියන ජරා දේශපාලකයන් පත්කර ගන්නෙත් අපිම බව... ඇයි අපිට වෙනස් වෙන්න බැරි..?

:       0       7

Nihal Thursday, 26 May 2022 01:55 AM

මූලික හේතුව වර්ණ භේදය. යුරෝපයේ නම් තුවක්කු සල්ලිවලට ගන්න ගැන් නෑ.. ඒ නිසා පිහියෙන් අනින්නේ. වර්ණ භේදය නිසා ගිය අවුරුද්දේ ලන්ඩන්වල පමණක් දරුවන් 28ක් මැරුවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 150 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 294 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 644 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site