ඇමෙරිකා රජය, එරට ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා සිදු කරන ඔත්තු බැලීම්වලට එරෙහිව එරට සමාගම් 19 ක් ඊයේ (17) ඇමෙරිකා රජයට නඩු පැවැරීය.
ඇමෙරිකා රජය සිදු කරන එම ඔත්තු බැලීම් ව්‍යවස්ථාවට පටහැණි බව පවසමින්, එම ඔත්තු බැලීම් වහා නවත්වන්නැයි බල කරමින් සැන් ෆ‍්‍රැන්සිස්කෝ ෆෙඩරල් අධිකරණය හමුවේ එම නඩු පැවැරීම කළේ මානව හිමිකම් සුරැුකීමේ සංවිධාන සහ සිවිල් අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන සමඟ එක් වෙමිනි.
නඩු පැවැරීමට සම්බන්ධ සෙසු සමාගම් දහ නවයට ඇමෙරිකා ඉස්ලාමීය සහයෝගීතා මණ්ඩලය, ගී‍්‍රන්පීස් සංවිධානය මෙන්ම ඉලෙක්ට්‍රොනික් ෆ‍්‍රන්ටියර් නමැති සන්නිවේදන සමාගම ද අයත් බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.
ඇමෙරිකා රජය සහ සී.අයි.ඒ. සංවිධානය, එරට ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා ඔත්තු බැලීම් සිදු කරන බව ලොවට හෙළි කරනු ලැබුවේ එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සියේ හිටපු කොන්ත‍්‍රාත්කරු එඞ්වඞ් ස්නෝව්ඩන් විසිනි.
ඇමෙරිකන් රජය, ඇමෙරිකානුවන්ගේත් එරට සිටින විදෙස් තානාපති නිලධාරීන්ගේත් දුරකතන ඇමැතුම්වලට කන් දෙන බවත් ඊ මේල් පණිවුඩ කියවන බවත් ස්නෝව්ඩන් ලොවට හෙළි කළේය.
මේ වන විට ස්නෝව්ඩන් ඇමෙරිකාවෙන් පලා ගොස් රුසියාවේ රැඳී සිටී. රුසියා ජනපති ව්ලැඩිමීර් පුටින් පවසා ඇත්තේ ඇමෙරිකාව ස්නෝව්ඩන් රුසියාවේ කොටු කිරීමට පියවර ගෙන ඇති බවය.
30 හැවිරිදි ස්නෝව්ඩන්, කොටු වී සිටින්නේ රුසියාවේ මොස්කව් නුවර ගුවන්තොටුපොළකය. ඇමෙරිකාව ඔහුගේ ගුවන් බලපත‍්‍රය අවලංගු කර ඇති නිසා ඔහුට වෙනත් රටකට යෑමට හැකියාවක් නැත. ස්නෝව්ඩන්, ලතින් ඇමෙරිකානු රටවලින් ආරක්ෂාව ඉල්ලා ඇති අතර වෙනිසියුලාව ආරක්ෂාව දීමට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වේ.
රුසියාව ද ස්නෝව්ඩන්ට ආරක්ෂාව දීමට කැමැත්ත පළ කර ඇත. ඒ, ඇමෙරිකාවට හානියක් වන ආකාරයේ රහස් පිටකිරීම වහා නැවැත්විය යුතුය යන කොන්දේසිය මතය.
එම කොන්දේසියට ස්නෝව්ඩන් එකඟ නොවේ. කෙසේ නමුත් ඊයේ (17) වාර්තා වූයේ ස්නෝව්ඩන් යළිත් වරක් රුසියාවෙන් රැකවරණ ඉල්ලීමට උන්නදුවක් දක්වන බවය.
මේවනවිට ජර්මනිය ද ඇතුළු යුරෝපා රටවල් 38 ක් ගැන ඇමෙරිකා රජය ඔත්තු බලන බව, ස්නෝව්ඩන් කළ හෙළි දරව්වෙන් පසු, ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්හිටුවීමට තමන් තීරණය කළ බව ජර්මනිය ඉකුත් සතියේ කියා සිටියේය. එම ඓතිහාසික නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණේ ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නඩු දැම්මා කියල සි අයි ඒ එක අහයිද? අනික තමා ඔහොම ඇහුන් කන්දිල හොර වැඩ අල්ල ගත්තේ නැතිනම් මේ වෙද්දී බෝම්බ කියක් පත්තු වෙලා තියෙයිද. නඩු දාපු කට්ටිය අතරේ මුස්ලිම් අයත් ඉන්නවලු. ඒ මොකෝ.(නදී)
හැම දෙනාම එක්වී ඇමරිකාවට විරුද්ද වෙමු කියන්න කලින් හැම දෙනාම එක්වී අපේ රටේ අපට විරුද්ධකම් කරන අපේ සාක්කුවෙන් යැපී අපිව ලෝකේ ණයකාරයෝ කරන,අපටම පහරන පක්ෂ විපක්ෂ පාලකයන්ටේ විරුද්ධ වෙමු කියන්න ජයතිස්ස. (නි)
ඕකට තමයි කියන්නේ කළකම් පල දෙනවා කියලා (නි)
ජයතිස්ස අයියේ, ඔයාට පොඩිවුන් කීදෙනෙක් ඉන්නවද? අනේ උන්ට ආදරේ නම් උන්ට අනාගතේ දුකක් බයක් නැතුව ඉන්න අපේ දේශයේ අපරාදකාරයෝ ටික විනාශ කරලා දමන්න උපායක් ගැන හිතුවොත් හොද නැද්ද ?ඔයා අල්ලපු ගෙදර අය සමග හැමවෙලේම රන්ඩු වෙනවලු නේද ....? (නි)
හැම දෙනාම එක්වී ඇමෙරිකාවට විරුද්ධව කටයුතු කිරීමට අවශ්‍ය කාලයක් (නි)
අපි ඔය අල්ලපු ගෙවල් වල අඩුපාඩු හොයනවා වගේ මේකෙත් පොඩි ජොලියක් වගේ එකක් ඇති (නි)