ඇමෙරිකා රජයේ අධිකරණ දෙපාර්තමේන්තුව යටතේ කි‍්‍රයාත්මක වන ස්වාධීන කොමිසමක වෙබ් අඩවියට පරිගණක දත්ත සොරුන් (හැකර්) අනවසරයෙන් ඇතුළුවී ඇතැයි ප‍්‍රංශ පුවත්සේවය පවසයි.
මීට සති දෙකකට ඉහතදී ඇමෙරිකානු පරිගණක විශේෂඥයකු මෙන්ම අන්තර්ජාලය හරහා දේශපාලන කටයුතු සිදු කළ කි‍්‍රයාකාරිකයකු වූ ආරොන් ස්වාට්ස්ගේ සියදිවි නසා ගැනීමට පළිගැනීමක් වශයෙන් මෙම ප‍්‍රහාරය එල්ල කළ බව නම සඳහන් නොකළ හැකර් කණ්ඩායම පවසයි.
කොමිසමේ වෙබ් අඩවියේ ඇතුළත් ඇමෙරිකානු විනිසුරුවරුන්ට සහ අධිකරණ නිලධාරීන්ට අදාළ රහස්‍ය තොරතුරු රැසක් හෙළි කිරීමට තමන් සූදානමින් සිටින බව ද මෙම හැකර් කණ්ඩායම වැඩිදුරටත් සඳහන් කරයි.
දක්ෂ පර්ගණක විශේෂඥයකු වන විසිහය හැවිරිදි ස්වාට්ස්, මැසචුසෙට්ස්හි තාක්ෂණික ආයතනයේ පරිගණක ජාලයට පිවිස පර්යේෂණ වාර්තා හා ග‍්‍රන්ථ දහස්ගණනක් අනවසරයෙන් ලබාගෙන ඒවා නොමිලයේ අන්තර්ජාලයට මුදාහැරීමට සූදානම්ව සිටි බවට චෝදනා එල්ලවී තිබූ අතර ඒ සඳහා ඔහුට තිස්පස් වසරක සිරදඬුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 1ක දඩයක්ද ගෙවීමට නියම කිරීමට නියමිතව තිබිණි.
ස්වාට්ස්ගේ මිතුරන් සහ ඥාතීන් පවසන්නේ ඔහුගේ සියදිවිනසා ගැනීමට මෙම චෝදනා එල්ල කරන නීතිවේදීන් වගකිව යුතු බවයි.
හැකර් ප‍්‍රහාරය පිළිබඳව සැල වූ සැනින් ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව එෆ්.බී.අයි ආයතනය පවසයි.
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකා රජයේ වෙබ් අඩවියකට හැකර් ප‍්‍රහාරයක්
සංජය Tuesday, 29 January 2013 10:56 PM
වැරදි කෙනා එක්කයි එයාලා ඔට්ටු වෙන්නේ..!(නු)
කිත්සිරි Monday, 28 January 2013 10:53 AM
ලංකාවේ වෙබ් අඩවිය හැක් කළ වෙලාවේ ලැජ්ජයි කියපු අය මේකට මොනවා කියයි ද දන්නේ නැහැ. (ස)