IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා රාජ්‍ය ලේකම් මියන්මාර ජනපති හමුවෙයි

කාම්බෝජයේ පැවැත්වෙන නැගෙනහිර ආසියානු රටවල රාජ්‍ය නායක සමුළුව හෙවත් ‘ආසියාන්’ සමුළුවට සමගාමීව මියන්මාර ජනපති ත්වෙන් සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් අතර විශේෂ හමුවක් ඊයේ (13) පැවැත්විණි. එම හමුව පැවැත්වූයේ කාම්බෝජයේ සංචාරක පුරවරය ලෙස සැළකෙන සියෙම් රීප් නුවරදීය. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එය දෙරටටම ඉතා වැදගත්  රාජ්‍යතාන්ති‍්‍රක හමුවක් වූ බවය. හමුව පැවැත්වූයේ ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා මියන්මාරයට නව ඇමෙරිකා තානාපතිවරයකු පත් කර එවීමත්, මියන්මාරයට එරෙහිව පනවා තිබූ ආර්ථික සහ වෙළෙඳ සම්බාධක තව තවත් ලිහිල් කිරීමත් සමඟය. මියන්මාරයට ඇමෙරිකාවෙන් තානාපතිවරයකු පත් කෙරුණේ වසර 22 කට පසුවය.  මියන්මාරයේ තනාපති ලෙස පත්වූයේ ආසියා පැසිෆික් කලාපීය කටයුතු සම්බන්ධ ඇමෙරිකානු විශේෂ නියෝජිතවරයා ලෙස කටයුතු කළ ඩෙරික් මිචෙල්ය. ආර්ථික සහ වෙළෙඳ සම්බාධක ලිහිල් කළ නිසා ඇමෙරිකා සමාගම්වලට මියන්මාරය සමඟ ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට ඉඩ සැලැසී තිබේ. මියන්මාරයේ දළදඩු හමුදා පාලනයක් පැවැති සමයේදී  ඇමෙරිකාව මියන්මාරය සමඟ රාජතාන්ති‍්‍රක සම්බන්ධකම් අත් හැරියේය. මියන්මාරයේ හමුදා පාලනය අවසන් වීමෙන් පසු වර්තමානයේ පවතින්නේ සිවිල් රජයකි. එම සිවිල් රජය දේශපාලන ප‍්‍රතිසංස්කරණ රාශියක් හඳුන්වා දී ඇති අතර ඒවා ඇමෙරිකාවේ පැසැසුමට ලක් වී ඇත. මියන්මාරයට එරෙහි සම්බාධක ලිහිල් කිරීමට ඇමෙරිකා රජය තීරණය කර ඇත්තේ  එහෙයිනි.



අදහස් (0)

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මියන්මාර ජනපති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 33 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site