ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා ඉකුත් 21දා එරට නව රාජ්‍යලේකම්වරයා වශයෙන් ජෝන් කෙරී පත් කළේය.
ඒ අනුව ජනපති බැරැක් ඔබාමා දෙවැනි ධූර කාලය සඳහා තේරී පත්වීමෙන් අනතුරුව සිදු කළ පළමු කැබිනට් සංශෝධනය මෙය වේ.
මෙතෙක් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ධූරය හෙබ වූයේ හිලරි ක්ලින්ටන්ය.
හැටනව වියැති කෙරී වියට්නාම් යුද වීරයකු මෙන්ම 2004 වසරේදී ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයා ද වෙයි. එම ජනාධිපතිවරණයේදී ඔහුගේ ප‍්‍රතිවාදියා වූයේ හිටපු ජනපති ජෝර්ජ් ඩබ්. බුෂ් ය.
‘‘පසුගිය වසර කිහිපය තුළ ලෝක නායකයන්ගේ ගෞරවය සහ විශ්වාසය දිනාගැනීමට කෙරීට හැකි වුණා. ඔහු විදේශ ප‍්‍රතිපත්තිය පිළිබඳ පුළුල් දැනුමක් ඇති රාජතාන්ත‍්‍රිකයෙක්.’’ යැයි ජනපති ඔබාමා පැවැසීය.
ඇමෙරිකා සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජෝන් කෙරී වසර 30ක් තිස්සේ එරට විදේශ ප‍්‍රතිපත්තිය සැකසීමෙහිලා ප‍්‍රමුඛ දායකත්වයක් දැක්වූ අයෙකි.
ඔබාමාගේ නිල නොවන නියෝජිතයා ලෙස බොහෝ දෙනා හැඳින්වූ කෙරී ඉකුත් වසරවලදී මැදපෙරදිග, දකුණු ආසියානු කලාපයේ මෙන්ම සිරියාවේද සංචාරය කරමින් ඇමෙරිකාව සමඟ පවතින රාජතාන්ති‍්‍රක සබඳතා නැංවීමට කටයුතු කළේය. සිරියා අර්බුදය ආරම්භවීමට මත්තෙන් ඊශ‍්‍රායල පලස්තීන සාම කතාවලට මුලපිරීමට ද කටයුතු කළේ කෙරී ය.
ජනපති ඔබාමා එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපතිනිය ලෙස කටයුතු කරන සූසන් රයිස්ට ඇමෙරිකා රාජ්‍ය ලේකම් ධුරය පිරිනැමීමට සූදානම් බව පැවැසූ අවස්ථාවේදී තමා එම ධූරයට පත් නොකරන ලෙස ඇය පසුගියදා ජනපති ඔබාමාගෙන් ඉල්ලා සිටියේය. ඊට හේතු වූයේ ඉකුත් සැප්තැම්බරයේ ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ප‍්‍රහාරය පිළිබඳව රිපබ්ලිකන් පාක්ෂිකයන් ඇයට දොස්පැවරීමයි.
මැඩෙලීන් ඇල්බට්, කොන්ඩලීසා රයිස් සහ හිලරි ක්ලින්ටන්ගෙන් පසුව මුල් වතාවට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලෙස තේරී පත් වූ සුදු ජාතික තැනැන්තා වන්නේ ද ජෝන් කෙරී ය.
රාජ්‍ය ලේකම් ධුරයට සමු දී හිලරි ක්ලින්ටන් අපේක්ෂිකාවක ලෙස 2016 වසරේ පැවැත්වීමට නියමිත මීළඟ ඇමෙරිකා ජනපතිවරණයට ඉදිරිපත් වීමට ද සූදානම් බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිලරි මත්තයා අපිට ලෙඩ දාන්නමයි නිතරම උත්සාහ කළේ මෙයා මොකක් කරයිද දන්නෙ නැහැ...?(නු)
ඔබ කිසිවෙකුගේ රූකඩයක් නොවන්න. කෙළින් වැඩකරන්න. (නි)
හිලරි ජනාධිපතිනිය වුවානමි?(නු)
ධර්ම රාජ්‍යය හිස මත තබාගෙන කටයුතු කරන අපේ ඇතැම් අය මෙවන් යුගයකට කවදා යාවිද? (නි)
සියල්ල සමබරව පවත්වාගෙන යන්න. (නි)
කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙයිද දන්නේ නැහැ (දී)
අපේ සුබ පැතුම් (ස)
හිලරි මැතිනියට මගේ සුභ පැතුම්.. 2016 අනිවාර්යයෙන්ම ඔබතුමිය ජනාධිපති...!(නු)