නාවික හමුදාවට අයත් යුද නැව්වලින් සියයට 60 ක ප‍්‍රමාණයක් ආසියා පැසිෆික් සාගර කලාපයට එවීමට ඇමෙරිකා රජය තීරණය කර තිබේ. ආසියා පැසිෆික් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මීළඟ වසර කිහිපයේදී එම යුද නැව් ආසියා පැසිෆික් සාගර කලාපයේ රඳවා තැබීම ආරම්භ කරන බවත්, 2020 වෙද්දී යුද නැව්වලින් සියයට 60 එම කලාපයට එවීමට කටයුතු කරන බවත් ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය තීරණය කර ඇත. පෙන්ටගනය ගත් මෙම තීරණය මාධ්‍ය හමුවේ අනාවරණය කළේ වාර්ෂිකව පැවැත්වුණු ආසියා ආරක්ෂක සමුළුවට සහභාගී සිටින ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පැනේටාය. එම සමුළුව පැවැත්වුණේ සිංගප්පූරුවේය. ආර්ථික අර්බුදය හේතුවෙන් පසුබෑමකට ලක්ව සිටියත් ඇමෙරිකා රජය, ආසියා කලාපීය රටවල ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක වියදම් කප්පාදු නොකරන බව ද පැනේටා එම අවස්ථාවේදී කියා සිටියේය. ආසියා කලාපයේ තම බලය තහවුරු කර ගැනීමට ඇමෙරිකාව කෙමෙන් කෙමෙන් උත්සාහ ගන්නා බව ලොවට රහසක් නොවේ. ඔවුන් මේ වනවිට නේටෝව සමඟ එක් වී ඇෆ්ගනිස්තානයට හමුදා යැවීමෙන් මධ්‍යම ආසියාවේ බලය තහවුරු කරගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකා යුද නැව් ආසියා සාගර කලාපයට
ප්‍රසන්න Tuesday, 05 June 2012 06:35 PM
එල කිරි...
අලිබබා Tuesday, 05 June 2012 06:52 PM
හරි හරි ඔහොම යන්න තව ටිකදුරයි තියෙන්නේ.
චන්දිම ජයනාත් Tuesday, 05 June 2012 07:47 PM
එහෙනම් ලංකාවත් චීනය අත හැරල ඇමරිකාව පැත්තට හේත්තු වෙයි....